Thursday, May 2, 2024

සිංගප්පූරුව ඉහළ කෝවිඩ් අවදානමක් සහිත සංචාරක ගමනාන්ත ලැයිස්තුවට

සිංගප්පූරුව ඉතා ඉහළ කෝවිඩ් අවදානමක් සහිත සංචාරක ගමනාන්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇත.

ඒ අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට සිංගප්පූරුව පියවර ගෙන ඇති පසුබිමකය.

අමෙරිකාව මේ වන තුරු සිංගප්පූරුවට තුන්වැනි මට්ටමේ සංචාරක උපදේශන පනවා තිබුණි.

එනම්, ඉහළ කොවිඩ් අවදානමක් ඇති හා සංචාරය නොකළ යුතු ගමනාන්තයක් ලෙසය.

එය සිවුවැනි මට්ටම එනම්, ඉතා ඉහළ කෝවිඩ් අවදානමක් ඇති සංචාරක ගමනාන්තයක් බවට අමෙරිකානු වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය ලැයිස්තුගත කර තිබේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද සිංගප්පූරුවේ සංචාරය නොකරන ලෙස රට වැසියන්ට දැනුම් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles