Wednesday, May 1, 2024

පුංචි ජන්දය ගැන අනාවැකියක්

පළාත් පාලන මැතිවරණය මෙම වසර තුළ පැවැත්වීමට අපහසු බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ සීමා නිර්ණ කටයුතු අවසන් වී ඇතත් එය ගැසට් කිරීම ඇතුළු කාර්යයන් රැසක් පවතින බැවින් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

සීමානිර්ණය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කළ ද මෙම වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව ද මහින්ද දේශප්‍රිය පෙන්වා දුන්නේය.

ගාල්ල – ලබුදූව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ සීමානිර්ණය ගැසට් කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා මාස 3ක පමණ කාලයක් ගත වන බවයි.

මේ අතර 2016 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනයට තමන් ඇතුළත් වී ඇති ද යන්න තහවුරු කරගැනීමට ලබාදී ඇති කාල සීමාව මේ මස 28 වන දිනෙන් අවසන් වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles