Thursday, May 2, 2024

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි මංගලගේ හදිසි මරණයට හේතුව මෙන්න

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා වෙයි.

ඔහු කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිට පසුව සුව අතට හැරී තිබේ.

රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වය පසුවුවත් ප්‍රතිකාර වලින් අනතුරුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

සුව අතට හැරෙමින් සිටින මංගල සමරවීර මහතාට ඊයේ දිනයේ දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් උත්සන්න වීමෙන් ඔහු මරණයට පත් වී ඇති බවත් සමරවීර මහතාට දිගු කාලයක සිට දියවැඩියා රෝගය සහ වකුගඩු දුර්වලතාවයක් තිබී ඇති අතර ඒ සඳහා ද ප්‍රතිකාර ලබමින් සිට තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Ceylon News Factory

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles