Sunday, May 19, 2024

පොසිටිවි නමි මීට පස්සෙ ඉස්පිරිතාලවලට කතා කරන්න එපා

තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටළුවලට පිළිතුරු ලබාගැනීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.
රටේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුලවීම හේතුවෙන් එම මෘදුකාංගය හඳුන්වාදෙන බව එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා පැවසීය.
එම මෘදුකාංගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මේවන විට හිමිව ඇති බව ඔහු සඳහන් කරයි.
“කොවිඩ් පොසිටිව් වුණාම රෝගීන්ට තිබෙනවා සුළු ප්‍රශ්න ටිකක් අසා දැනගන්න. මට ගෙදර ඉන්න පුළුවන්ද ? මට රෝහලකට ඇතුළු වෙන්නට පුළුවන්ද ? නැතහොත් වෛද්‍යවරයෙකුට කතා කරන්න අවශ්‍යද ? මේ සුළු ප්‍රශ්නවලටවත් නිසිආකාරයේ පිළිතුරු ලබාගැනීමට අසීරුයි මොකද සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුල වෙලා. අපේ විසඳුම තමයි ඒ සුළු ප්‍රශ්න තුනට පරිගණක තාක්ෂණය මාර්ගයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පිළිතුර ලබාදීම.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles