Wednesday, May 8, 2024

ක්ෂය සහ ඒඩිස් මරණ වැඩිවෙලා

ඒඩ්ස් හා ක්ෂය රෝගයෙන් අධික ලෙස මිය යාම, කොරෝනා වෛරසයෙන් සිදුවන මරණ පවා ඉක්මවා යා හැකි බව ගෝලීය අරමුදල ලෙස හැඳින්වෙන ජිනීවා පදනම් කරගත් ආධාර ආයතනයේ විධායක අධ්‍යක්ෂක පීටර් සැන්ඩ්ස් ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දුගී රටවල සෞඛ්‍ය සේවා පද්ධතිය කඩාවැටීම හේතුවෙන් ප්‍රතිකාර නොලද ලක්ෂ සංඛ්‍යාත ජනතාව ක්ෂය රෝගයෙන් සහ ඒඩ්ස් රෝගයෙන් මියයන බවයි ගෝලීය ආධාර අරමුදල පෙන්වා දෙන්නේ.

2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, ඉන් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන් මියගොස් ඇතැයි අනුමාන කරන බවත් ඔවුන් විශ්වාස කරනවා.

අප්‍රිකාවේ සහෙල් කලාපයේ ඇතැම් දුප්පත් රටවලට, ක්ෂය රෝගය හෝ ඒඩ්ස් වැනි රෝගවලට එරෙහි සටනේදී සිදුවූ අතිරික්ත මරණ, කොවිඩ් මරණවලට වඩා වැඩිවිය හැකි බවද ගෝලීය ආධාර අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles