Monday, May 20, 2024

පෞද්ගලික බස් ගාස්තු අය කරන්න නව ක්‍රමයක්

පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීම සඳහා කාඩ්පත් ක්‍රමය ලබන ජනවාරි මස වන විට හදුන්වාදිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කාඩ්පත් ක්‍රමය සඳහා මහ බැංකුවේ අනුමැතිය ලබාගැනීමට මහ බැංකුවලට යෝජනා ඉදිරිපත් කළ බව කී ගැමුණු විජේරත්න මහතා කොන්දොස්තර මහත්වරුන්ගේ හිඟයට පිළියමක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ද සඳහන් කළේය.

බස් රථයේ ඉදිරිපස පාපුවරුව අසළ කාඩ්පත් යන්ත්‍රය සවි කර මගීන් බස් රථයට ගොඩවන විට සහ පිටවන විට කාඩ්පත යන්ත්‍රයේ ස්පර්ෂ කර බැස යා යුතු බවත් එහිදී පිටු පස දොර වසා මගීන් ප්‍රවාහනය කරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles