Saturday, May 11, 2024

බදියුදීන්ගේ නඩුවට එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය මැදිහත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයන් ලංකාවේ පවතින නඩු විභාගය පිළිබදව ඉදිරියේදී ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය කියා සිටී.

පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයා මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය සිය නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ කියා සිටී.

එම සංගමය විසින් නිකුත් කළ ට්විටර් පණිවඩයේ සදහන් වූයේ ත්‍රස්තතවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාට ඇප මත නිදහස ලැබීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය සතුටට පත් වෙමු. තවද එම නඩු විභාගය පිළිබඳව ඉදිරියේදී ද අප ඉතා සමීපව නිරීක්ෂණය කරමු. යන්නයි.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ 2021 අප්රේල් 24 වැනි දින පාර්ලිමේන්තු මන්ත්රී සහ සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව දින 177 ක් රඳවාගෙන සිටීමෙන් පසුව අවසානයේ පසුගිය ඔක්තෝබර් 14 දා ඇප මත නිදහස් කෙරිණි.

මේ අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමයේ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රසිද්ධ කර නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles