Friday, May 17, 2024

බස් ගාස්තු සමඟ ගෑස් මිලත් ඉහළට… ඉන්දීය භාණ්ඩ මිලත් ඉහළට…

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව බස් ගාස්තුව සියයට 4.01කින් ඉහළ දමනු ඇති.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවය.

එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බවය.

ඒ් අතර ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ලබන සඳුදා (04) වැනිදා ගෑස් මිල යම් ප්‍රතිශතයකින් වැඩිකරන බවයි.

පහළ ගිය උද්ධමනය නැවත ඉහළ යාමට හේතු වන පරිද්දෙන් ඉන්දීය භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. ඒහිදී ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණපෑ දරුණුතම දේශගුණ විපර්්‍යාසයන්ගෙන් බලපෑම් එල්ලවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබෙනවා.

ඒ අනුව පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර ලූණු මිල ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ලූනු සඳහා සියයට 40 ක බද්දක් ද පනවා තිබෙනවා. බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කළ ඉන්දියාව තිරිඟු පිටි අපනයනය ද දැනටමත් තහනම් කර අවසන්. සීනි අපනයනය ද තහනම් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි ඉන්දිය ආර්ථික විශේෂඥයින් පවසන්නේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles