Sunday, May 19, 2024

මගේ හඬ නිහඬ කරන්න යමෙකු උත්සාහ දරන්නේ නම් එය සිහිනයක් පමණයි – චමුදිත

මේ රටේ සිදුවන දූෂණ අක්‍රමිකතා නවතාලන්නට මාධ්‍ය හරහා සිදුකරන මෙහෙවරට බාධා කොට තම හඬ නිහඬ කිරීමට යමෙකු උත්සාහ දරන්නේ නම් එය සිහිනයක් පමණක් යැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පැවසීය .

හෙතෙම මේ බව කියා සිටියේ පිළියන්දල වෑවල පාරේ පිහිටි තම නිවසට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
“14 දා අලුයම 2ට පමණ මමත් බිරිඳත් දියණියත් නිදාගෙන සිටියෙ. එක්වරම විශාල ශබ්දයක් සමඟ අපිට ඇහැරුනා. පසුව බලද්දී දිගින් දිගටම නිවසේ ඉදිරි පසින් ශබ්ද කිහිපයක් ඇසුනා. ඒ සමගම ගල් ප්‍රහාර මගේ නිවස දෙසට එල්ල වන ආකාරයේ ශබ්ද කිහිපයකුත් ඇසුනා .ඒ වගේම වෙඩි ශබ්ද වැනි යම් ශබ්ද කිහිපයකුත් ඇණුනා

පසුව මම 119 හදිසි ඇමතුම් අංකයට කතා කරල. දොර ඇරලා බලද්දි නිවසේ ඉදිරිපිට ජනෙල් වල වීදුරු වලට දැඩි හානි සිදුව තිබුණා . මේ ප්‍රහාරය එල්ල කර තිබුණේ ඉන්ටලොක් ගල් වැනි ගල් වලින්. ඒ වගේම නිවසේ ඉදිරිපිට පැමිණ බලද්දි විශාල දුඟදක් දැනුනා. ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තියෙනවා කියල. මේ අසූචි ප්‍රහාරයට භාවිතා කරලා තියෙන්නේ අසූචි බහාලු මුට්ටි. ඒත් මේ ප්‍රහාරය එල්ල කලේ කවුද කියලා අපි දැක්කේ නැහැ .

නමුත් ප්‍රහාරය සඳහා පැමිණියේ කළුපාට ජැකට් පැළඳ සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් තිදෙනෙක් . අපේ නිවස පිහිටලා තිබෙන්නේ සම්පූර්ණයෙන් අවට ආවරණය කරපු කලාපයක. ඒ අනුව අපේ නිවස පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පසුව දුරකථනයෙන් කතා කළා.

ඔහු අපි සමග පැවසුවේ වැගන්ආර් වැනි සුදු පාට වාහනයකින් සිව් දෙනෙක් ආවා .ඉන් එක් අයෙකු මගේ ආරක්ෂක කුටියට ඇවිල්ලා පිස්තෝලයක් එල්ල කරල මාව යටත් කරගෙන හිටියා .අනිත් තුන් දෙනා තමයි අපේ නිවස පැත්තට ආවෙ කියලා . ඒ අනුව තමයි අපි දැනගත්තේ මේ මැර ප්‍රහාරය සඳහා සිව් දෙනෙක් ඇවිල්ල තියෙනව ඉන් එක්කෙනෙක් ආරක්ෂක කුටියේ ඉඳලා ඉතුරු තුන්දෙනා අපේ නිවස දෙසට ඇවිල්ල මේ ප්‍රහාරය එල්ල කරල කියලා .

මේ ප්‍රහාරය එල්ල කලේ කවුද කියලා මම දන්නෙ නෑ. පොලිසිය මගෙන් ඇහුවා සැකකටයුතු කවුරුහරි ඉන්නවද කියල. ඒත් හරියටම දකින්නේ නැතුව මට කවුරුවත් සැක කරන්න බෑ .

හැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මාධ්‍ය හරහා කතා කළා. ඒවට කුපිත වෙච්ච පිරිසක් මගේ හඬ නිහඬ කරන්න මෙහෙම කලාද දන්නෙ නැහැ .

හැබැයි මං ඒ අයට කියනවා ඒ අරමුණෙන් මගේ හඬ නිහඬ කරන්න. මාව භය කරන්න මේ විදිහයි මැර ප්‍රහාර එල්ල කරා නම්, ඒක කවදාවත් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. ඒක සිහිනයක්ම පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.”

අද

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles