Monday, May 6, 2024

ආක්‍රමණයක් අත ළඟයි.යුක්‍රේනය අතහැර යන ලෙස රටවල් රැසක් සිය පුරවැසියන්ගෙන් ඉල්ලයි

රුසියානු ආක්‍රමණයක් සිදු වීමට ආසන්න බවට කෙරෙන බටහිර බලවතුන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ රටවල් රැසක් යුක්‍රේනය හැර යන ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජර්මනිය එලෙස ඉල්ලීම් කළ රටවල් අතර සිටින බව ය.

එමෙන් ම ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළු බොහෝ රටවල් ද සිය පුරවැසියන්ට යුක්‍රේනය හැර යන ලෙස දන්වා ඇති අතර ඇතැම් රටවල් සිය රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

යුක්‍රේන දේශ සීමාවේ රුසියානු භට පිරිස් 100,000ක සංඛ්‍යාවක් ස්ථානගත කර ඇති නමුත් ආක්‍රමණයක් සිදු කරන බවට වන ප්‍රකාශ රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආක්‍රමණයක් සිදු කළහොත් ලැබිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට දුරකතන සංවාදයක් අතරතුර නැවතත් අනතුරු අඟවා ඇති බව ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, ආක්‍රමණයක් පිලිබඳව සිදු කෙරෙන අනතුරු ඇඟවීම් රට තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති කිරීමට තුඩු දෙන බව ත් එය සතුරාට වාසි දායක විය හැකි බව ත්.

කෙසේ වෙතත් ධවල මන්දිරය අනතුරු අඟවා ඇත්තේ, ඕනෑම අවස්ථාවක ආක්‍රමණයක් සිදුවිය හැකි බව ත්, එය ගුවනින් බෝම්බ හෙළීමෙන් ආරම්භ විය හැකි බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles