Thursday, May 2, 2024

මත්තල ණය කටුනායකින් ගෙවයි

මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ලබාගත් ණය කටුනායක ගුවන් තොටුපොළේ ආදායමෙන් ගෙවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේ  දී ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විශ්‍රාම ගිය සේවකයින්ගේ අපහසුතා මඟ හැරීම සඳහා අර්ථසාධක හා පාරිතෝෂික හිඟ මුදල් නිරවුල් කිරීමට ඉහත පරිදි කටයුතු කරන ලද අතර සැපයුම්කරුවන්ගේ ණය මුදල් නිරවුල් කිරීමද, සැලසුම් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අධික ණය බර අවම කිරීමට හැකි සියලු පියවර ගෙන තිබෙනවා.

රුපියල් මිලියන 88.431ක් මුදලක් යොදාගනිමින් අමතර බස් රථ 273ක ප්‍රමාණයක් මේ වසර තුළ බස් රථ අළුත් වැඩියා කර තිබෙනවා. ශ්‍රී ලංගම පවතින අධික ණය බර උපරිම මූල්‍ය ශක්තිය යොදවා අවම කර ගැනීමට කටයුතු කරන ලද අතර මඟී අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් උපරිම බස් රථ ප්‍රමාණය ධාවනය කිරීමට හැකිවන පරිදි බස් රථ අළුත්වැඩියා කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

ඉවත් කළ බස් රථ 500ක් සඳහා නව එන්ජින් කට්ටල 500ක් ඉන්දියානු ණය සහන පදනම මත ලබාගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.  පැරණි බස් රථ 1000ක් අළුත්වැඩියා කටයුතු කිරීම සළකා බලනවා. දුම් රිය ස්ථානාධිපතිවරු 200කට අධික ප්‍රමාණයක් හා දුම් රිය ගාඩ්වරු 200කට අධික ප්‍රමානයක් තරඟ විභාග මඟින් බදවා ගත්තා.වසර 2020 වන විට ගුවන් මගීන් මිලියන 20ක් දක්වා වැඩි වේ යැයි කල උපකල්පනය මත  කටුනායක ගුවන්තොටුපළේ දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල රුපිට්යල් බිලියන 68ක සහන ණයක් ගනිමින් ඉදිකිරීමට කටයුතු  සඳහා මූලික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.මතතල ගුවන්තොටුපල වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා විදේශ ආයෝජකයකු තෝරා හවුල් ව්‍යාපාරයක් වශයෙන් එය දියුණු කිරීමට පියවර ගනිමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles