Thursday, May 16, 2024

මත්තෙගොඩට කිරි, රටට කැකිරි!

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටය.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 231ක් ලෙසටය.

මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිකර ඇති මිල ගණන්වලට අනුව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමෙනු ඇති.

ඒ් අතරම රජය චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල සිනොපෙක් නමින් සිය සේවා කටයුතු  ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.

මේ සදහා චීනයේ සිනොපෙක් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගී වී සිටීම විශේෂත්වයකි .

මීට පෙර මෙම ඉන්ධන පිරවුම්හල සිපෙට්කෝ යටතේ පැවති අතර චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව එහි නිල ලාංඡනය යටතේ මින් ඉදිරියට සේවා කටයුතු සිදුකරන බව චන්දිම කපුරුගේ මහතා වැඩිදුරටත් කීය.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16ක් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර සෑම ඉන්ධන වර්ගයකින්ම රුපියල් තුනක සහනයක් ලබා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles