Monday, May 6, 2024

මරණ සහ රෝගීන් පහළට…

පෙරේදා (26) දිනයේ මාස කිහිපයකට පසු දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාවට පහළින් වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 983 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ඊයේ දේශීයව ආසාදිතයන් 983 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි ආසාදිතයන් ඊයේ වාර්තා වූයේ නැහැ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 514,592 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 455,344 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 46,517 ක් වනවා.

පසුගිය 26 වන දා කොරෝනා මරණ 51 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,731 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles