Sunday, May 5, 2024

මහාචාර්ය මලික්ට චීනෙන් ‘අනාගත විද්‍යා ත්‍යාගය’

චීනය රජය විසින් පිරිනමන “අනාගත විද්‍යා ත්‍යාගය” 2021 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට මහාචාර්යවරයෙක් වන මලික් පීරිස් මහතාට හිමිව තිබේ. ඒ අනුව ඔහුට ඩොලර් මිලියනක ත්‍යාග මුදලක්ද හිමිවෙයි.වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන නමුත් වසංගත කාල සීමාවක ඔහුගෙන් රටට ලබා ගන්නා සේවය කුමක්ද?

මෙම ත්‍යාගය චීන නොබෙල් ත්‍යාගය ලෙසින්ද හඳුන්වන අතර මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාටද මෙම ත්‍යාගය හිමිව තිබේ.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා තිබේ.

මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

අපේ මාතෘ භූමියට මහත් අභිමානයක් ගෙනදුන් කීර්තිමත් මහාචාර්ය මලික් පීරිස් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles