Saturday, May 18, 2024

මහා පරිමාණයේ පාස්පෝර්ට් මගඩියක් එළියට පනියි!

නව විදේශ ගමන් බලපත‍්‍රයක් හඳුන්වා දීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබිය දී දැනට පවතින ගමන් බලපත‍්‍ර පොත් පිටපත් ලක්ෂ පහළොවක් මුද්‍රණය කර අයථා මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

2017 වසරේ සිට හඳුන්වා දීමට නියමිත නවීන තක්ෂණික උපාංගයක ද (චිප් පතක්)ඇතුළත් නව විදේශ ගමන් බලපත‍්‍ර සකස් කිරීමට ලබන වසරේ මුල දී ටෙන්ඩර් කැඳවීමට නියමිතව තිබිය දී මීට සති දෙකකට පමණ පෙර දැනට පවතින වර්ගයේ ගමන් බලපත‍්‍ර පහළොස් ලක්ෂයක් මුද්‍රණය කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ සමීප මිතුරකු වන නයනා දෙනිගමට අයත් ‘එපික් ලංකා පෞද්ගලික සමාගමට’ බාර දී ඇත.

මේ වන විටත් මෙම ආයතනය සතුව සියලූ රටවල් සඳහා වන ගමන් බලපත‍්‍ර 62,000ක් මැදපෙරදිග සඳහා වන ගමන් බලපත‍්‍ර 2,54,000ක් රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර 8200ක් රාජකාරී ගමන් බලපත‍්‍ර 3900ක් හා හදිසි සහතික ගමන් බලපත‍්‍ර 1,07,000ක් වශයෙන් ගබඩා කර තිබේ.

සාමාන්‍ය වශයෙන් මාසයකට සියලූ රටවල් සඳහා ගමන් බලපත‍්‍ර 30,000ක් හා මැද පෙරදිග සඳහා 17,000ක් වශයෙන් ගමන් බලපත‍්‍ර නිකුත් කරනු ලැබේ.

මේ අනුව ලබන වසර සඳහා වුව ද අවශ්‍ය වන්නේ සියලූ ආකාරයේ ගමන් බලපත‍්‍ර ලක්ෂ 5කට ආසන්න ප‍්‍රමාණයකි.

එම තත්ත්වය යටතේ අලූතෙන් මුද්‍රණය කළ යුතු වන්නේ ගමන් බලපත‍්‍ර ලක්ෂ හතරහමාරකටත් අඩු ප‍්‍රමාණයකි.

එහෙත් ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ බලපෑම මත සහ ඇමැතිවරයාගේ කැමැත්ත පරිදි එම ටෙන්ඩර් මණ්ඩලය මෙලෙස ලක්ෂ 15ක ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා අනුමත කර ඇත.

එම ආයතන ආරංචි මාර්ග පවසන්නේ කාලාන්තරයක් තිස්සේ මෙම ගමන් බලපත‍්‍ර මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබා ගන්නා දෙනිපිටිය නැමැත්තා මේ වෙනුවෙන් කෝටි ගණනක කොමිස් මුදල් වැය කරන බවය.

එමෙන්ම මෙරට ගමන් බලපත‍්‍රය ගුණාත්මක අතින් ඉතා පහළ බවට ද කාලයක් තිස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ. මේවා මුද්‍රණය කරනු ලබන්නේ ඉන්දුනීසියාවේ මුද්‍රණාලයක වන අතර මෙහි දී අදාළ නිල මුද්‍රා කිරීම පමණක් සිදුවේ.

මූලාශ්‍රය – සත්හඬ (සුභාෂ් ජයවර්ධන)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles