Tuesday, April 30, 2024

මහා වංචාවක සුල මුල හෙළිවේ!

ලංකාවේ කෘෂි අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කොටගෙන ලෝක බැංකුව විසින් සහන ණය ආධාරයක් ලෙස ඩොලර් මිලියන 125 ක මුදලක් පිරි නමන්නේ 2016 වසරේ දිය

මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගතහොත් රුපියල් කෝටි 4000 ඉක්මවයි

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘෂිකාර්මික අපනයන වැඩි දියුණුව සඳහා මෙම මුදල යොමු කරන ලද අතර ඒ වෙනුවෙන් වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් හා ආයතන ව්‍යුහයක් සහිත ව්‍යාපෘතියක් ඇති කරන ලද්දේ 2017 වසරේ දිය

එය කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය හෙවත් ASMP ව්‍යාපෘතිය ලෙස නම් කරන ලදී.

මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකු වන රෝහණ ගමගේ නැමැත්තා පත්කරන ලද්දේ යහපාලන රජයේ ප්‍රාථමික කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා වූ දයා ගමගේ ගේ පෞද්ගලික උවමනාව මත ය.

කෘෂිකර්මාන්තය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති නොමැති වූවෙකු වන ඔහු ට පැවති එකම සුදුසුකම වූයේ ඔහු බටහිර අනුරාධපුර සහ හොරොව්පතාන හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායක වීම පමණි.

රෝහණ ගමගේ 2008 සිට 2012 දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කළේ ය.

මල් ශාලා හිමි කාරිනියක වන රසිකා ප්‍රියදර්ශනී ඔහුගේ බිරිඳ වන අතර ඇය වර්තමානයේ සමගි ජන බලවේගයේ වව්නියාව ආසන සංවිධායක වරියයි.

මෙයට අමතරව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සමීපතම දේශපාලන සහයිකාව වන රසිකා, හිරුණිකා සමඟ පසුගිය දිනවල ජනාධිපති මන්දිරය ජනපති නිලනිවස අගමැති පුද්ගලික නිවස වැනි තැන්වල සිට දූෂණයට වංචාවට එරෙහිව රට දෙවනත් කළාය.

එ.ජා.ප දේශපාලන පත්වීමක් වුවත් රෝහණ ගමගේ යහපාලන ආණ්ඩුව බිඳවැටුනු පසුවද ව්‍යාපතියේ අධ්‍යක්ෂ ධුරය රැක ගන්නේ තමා අවංක හමුදා නිලධාරියෙකු බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන්ට ඒත්තු ගැන්වීම සහ ව්‍යාපෘතිය මගින් ජානක වක්කුඹුර ඇමතිවරයාගේ සමීපතමයන්ට අතදිග හැර සළකන්නට හැකියාව ඇති බව පෙන්වා දෙමින් ඒ සඳහා ඕනෑම උදව්වක් කිරීමට පොරොන්දු වෙමිනි

මෙම රුපියල් කෝටි 4000 ක මුදලට රෝහණ ගමගේ සිදු කළේ කුමක්ද???

ව්‍යාපෘතිය යටතේ මේ වන විට විශාල හා කුඩා පරිමාණ ව්‍යාපෘති 1193 ක් ආරම්භ කර ඇත

මේ අතර රෝහණ ගමගේ ට කිසියම් හෝ අල්ලස් මුදලක් හෝ ව්‍යාපාර කොටස් අයිතියක් නොමැතිව ලබාදුන් ව්‍යාපෘති ඇත්නම් ඒ අල්ප සංඛ්‍යාවකි.

නිකං සල්ලි දෙන මහා ධන නිධානය සිය පාලනයට නතු වූ වහාම රෝහණ සැබෑ ගොවියන් හෝ කෘෂි ව්‍යාපාරිකයන් සොයා ගියේ නැත. සිය සමීප හිතවතුන්ට හා වැඩිම අල්ලස් ලබා දෙන්නන්ට තමාම ව්‍යාපෘති වාර්තා සකස් කර දී කෝටි ගණන් මුදල් තම කොටස ලෙස ලබාගත්තේ ආකාර දෙකකට ය

පලමු ක්‍රමයට නිකං දුන් මුදලෙන් සියයට 50 ක් කෙලින්ම ආපසු තමා පුද්ගලිකව මුදලින්ම ලබා ගැනීමය

දෙවන ක්‍රමය ව්‍යාපෘතියේ සැලකිය යුතු කොටස් අයිතියක් ලබා ගෙන අයිතියෙන්. භාගයක් තම නමට ලබා ගැනීමයි

ඒ සියළු තොරතුරු හඬපට හා ලිපි ලේඛන අප සතුය

ලක්ෂ 07 සිට මිලියන 100 දක්වා සීමා යටතේ මෙලෙස මුදල් ලබා දුන්නද රෝහණ ගමගේ තමන්ට අවශ්‍ය වූවන්ට ඊට වඩා දැවැන්ත මුදල් කන්දරාවක් ලබාදීමට කිසිවිට පැකිලුණේ නැත.

අසාර්ථක හෝටල් ව්‍යාපෘතියකට ලබාදුන් ඩොලර් ලක්ෂ පහක මුදලක් බෝල ගල floating resort මඩ වලක් පමණක් බවට පත්ව ඇති අයුරු දැන් ප්‍රකට කරුණකි.මේ සඳහා රෝහණ ගමගේ සමග bolagala ජාවාරමටහවුල් වූ ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් සිටින අතර ඔවුන් පිළිබඳ තොරතුරු සියල්ල අප සතුය.

ASMP ව්‍යාපෘතිය යටතත් මුදල් ආධාර ලැබීමට නම් අදාළ ව්‍යාපෘතියට ආයෝජනය කරන මුදලින් 50% ක් ආයෝජකයා පුද්ගලිකව යෙදවිය යුතුවුවද ඒ කිසිවක් නොමැති වුවද මුදල් ලබාගැනීමට රෝහණ ගමගේ ගේ හිතවත්කම ප්‍රමාණවත් විය

ලුතිනන් කමාන්ඩර් රෝහණ ගමගේ අද අසාමාන්‍ය ධනවතෙකි

වැවිලි කර්මාන්ත අමාත්‍ය ශයේ ඉහල නිලධාරින් හා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරුද රෝහණ ධනවතෙකු වීමේ රහස දනිති

ඔහු අසාධාරණයෙන් ඉපයූ මුදල් දෛවය සරදමකට මෙන් ඔහුගේ දරුවන් මත් කුඩු වලට වියදම් කළ අයුරුද මත්කුඩු නීතියේ රැහැනට හසු ඌ පසු නීතිය නැමීමට රෝහණ ගමගේ කටයුතු කළ හැටි ද හෙළි කිරීමට අපි පසුබට නොවෙමු.

මෙය මෙරට කෘෂිකර්මයේ නව නැම්මක් ඇති කිරීමට මුදල් තිබුණ ව්‍යාපෘතියකි ගොවියන් ගේ ජීවිත දස දහස් ගණනක් නව යුගයකට ගෙනයාමට හැකි ව තිබූ ව්‍යාපෘතියකි

අවසානයේදී ආත්මාර්ථකාමී පුද්ගලයෙක් සහ ඔහු වටා එකතු වූ හොර රැලක් විසින් ඉන් හතරෙන් තුනක් විනාශ කොට ඇත

අවාසනාව නම් මේ සියලු මුදල් නැවත ගෙවීමකින් තොරව ව්‍යාපෘති හිමියන්ට ලබාදුන්නත් අනාගත පරපුරට විසින් මෙම ණය මුදල නැවතත් ලෝක බැංකුවට සතයකුදු නෑර ගෙවී ය යුතු වීමයි

ව්‍යාපෘතියේ ප්‍රමාණවත් කොටස් නොලැබුණු රෝහන ගේ සගයෝම දැන් තොරතුරු මාධ්‍ය වෙත හෙලි කරමින් සිටි

මාධ්‍ය ආයතන මෙහි තොරතුරු විමසත් දී

තොරතුරු රහසේ තබාගත යුතු බවට හාස්‍යජනක තර්ක ඉදිරිපත් කරයි

එමෙන්ම ඇතැම් රෙදි සෝදන මාධ්‍ය ලවා මෙම මහා ජාවාරම සුදු කිරීමට ද උත්සහ දරයි

අපි අවධානයෙනි!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles