Thursday, May 16, 2024

මහින්දගේ තවත් සැප බංකර් මාලිගයක් දෙණියායේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මන්දිරයේ ඉදිකරන ලද සුපිරි පහසුකම් සහිත භූගත මන්දිරය සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ එය ත්‍රස්තවාදීන්ගේ තර්ජනවලින් බේරීම සඳහා ඉදි කළ භූගත බංකරයක් බවයි. තවද එවැනි භූගත බංකර අරලියගහ මන්දිරය තුළත් ඇති බව අභයාරාමයේ දී ඔහු ප‍්‍රකාශ කර තිබිණි. මහින්ද රාජපක්ෂ කියන ආකාරයේ තවත් භූගත බංකරයක් දෙණියාය නාතගල වත්තේ ද ඉදිකර ඇත. එහි ඉදිකිරීමේ කටයුතු ඇරඹියේ 2009 ජනවාරි 12 වැනිදිනය. හම්බන්තොට වරාය ඉදිරිකිරීම සඳහා යොදාගත් ඉදිකිරීම් ද්‍රව්‍ය (ගල්, වැලි, සිමෙන්ති) දෙණියාය නාතගල වත්තට ප‍්‍රවාහනය කෙරුණේ මග නැගුම ව්‍යාපෘතියට අයත් ටිපර් රථවලිනි.

Pic-011
හිටපු ජනාධිපතිවරයාගේ සොයුරි‍යගේ නමට ඇති දෙණියාය මාලිගය

නාතගල වත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැගනිය වන විචිත‍්‍රා ශිලාධරී රාජපක්ෂ නමින් මිලදී ගත් එකකි. භූමි ප‍්‍රමාණය අක්කර 400කි. කොන්ක‍්‍රීට් කරන ලද මාර්ගයක් තිබියදී අලූතින් නව මාර්ගයක් ඉදි කළ අතර එම මාර්ගය දෙණියාය නතගල වත්තේ ‘මාලිගාවට’ ප‍්‍රවේශ වීම සඳහාම ඉදි කළ එකකි.

2009 ඔක්තේබර් මස 02 වන දින මාධ්‍යවේදීන්  තිදෙනෙකු මෙහි ඉදිරිකිරීම් නිරීක්ෂණය සඳහා එහි ගිය අතර එහිදී  ත‍්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කර ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගත්හ. ඒ මොහොත වන විටත් භූගත තට්ටු දෙකක ඉදිරිකීම් අවසන් වෙමින් තිබිණි. මහල් 4කින් යුත් මෙම බංකරයේ අති නවීන දුරකතන හා සන්නිවේදන පහසුකම් සවිකර තිබිණි. භූගත තට්ටුවේ යටම කොටසේ සුපිරි මුල්තැන් ගෙයක් ද උමගක් ද සකස්කරමින් තිබී පැවතිනි.

මේ සඳහා රුපියල් මිලියන 180ක් ඒ වනවිටත් වියදම් කර තිබූ බව එහි සේවය කළ පිලියන්දල ප‍්‍රදේශයේ පෙදරේරුවන් සඳහන් කළේය.

සියලූ පහසුකම් සහිතව මන්දිරයට අමතරව හෙළිකොප්ටර් ගොඩබෑම සඳහා අංගනයක් ඉදිකරමින් පැවැති අතර මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් 2009 වසරේ පුවත්පත්වල ඵලවීමත් සමඟ හෙළිකොප්ටර් අංගනය හැර සෙසු ඉදිකිරීම් සියල්ලම නිරුපද්‍රතව අවසන් කළේය.

දැන් එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ කියන ආකාරයේම ජනාධිපති මන්දිරයේ තිබූ භූගත බංකරයට සමාන බංකරයකි.

 

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles