Sunday, May 19, 2024

කරාටේ වසන්ත ඝාතකයා හෙලිවෙයි..

ලෝක ප්‍රකට ගිනිස් වාර්තා තැබූ ශූරයෙක්, අනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්‍රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු මේවනවිට සොයාගෙන ඇත.

SF ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ යන මේ ඝාතකයා හිටපු අමාත්‍ය තිස්ස කරළියද්දගේ දේශපාලන රැකවරණ යටතේ හැදුණ වැඩුණ සුහච කීකරු පාතාල සගයෙක් බවටද දැන් වාර්තාවේ. ඝාතනයට සතියකට පෙර සිට ‍එය සැලසුම්කර ඇති අතර ඒ අවස්ථාවේ මෙම ඝාතනය සිදුකරන බවට 2015.10.05 දින තර්ජනාත්මකව එවූ ෆේස්බුක් පණිවුඩය පහත දැක්වේ.1897869_1028955323794486_3293889361740958703_n

මෙහි සඳහන් වෙන්නේ “දිගු නිහැඬියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න…ඉක්මණින්ම බලාපොරොත්තු වන්න – ලොකු මල්ලි ” ලෙසින්ය

 

මෙම ඡායාරූපයේ සිටින්නේ අදාල ඝාතකයා වන නිරෝෂන් රණසිංහ නැමැති පුද්ලගලයා තිස්ස කරලියද්ද සමග ඉතා සමීපව  සිටින අවස්ථාවකි. ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව තවමත් පොලීසියට හසුවී නැති මොහු සිටින්නේ තවමත් අදාල හිටපු අමාත්‍යවරයාගේ රැකවරණ  යටතේ බව තහවුරුවේ. මෙම ඝාතනය ඉතා සැලසුම් සහගතව කරන ලද්දක් බව මෙම ‍ෆේස්බුක් පණිවිඩයෙන් වඩාත් තහවුරු වේ.12182836_1028955473794471_8776811819914671896_o

සොයිසා සහ ඔහුගේ පුත්‍රයා මීට පෙර අවස්ථා තුනකදීම තමන්ට මෙම නිරෝෂණ් රණසිංහ නැමති පුද්ගලයාගෙන් සිදුවණ හිරිහැර පිළිබඳ අනුරාධපුර පොලීසියට පැමිණිලි කරත් සොයිසා මරාදමා යන තුරුම පොලීසිය ක්‍රියාත්මක නොවීම ඉතා විශේෂ සිදුවීමකි. එලෙස පොලීසිය ක්‍රියාත්මක නොවන්නට ඇත්තේද අදාල නිරෝෂණ් නැමති පුද්ගලයා තිස්ස කරලියද්දගේ සුහච කීකරු ගෝලයෙක් නිසාවෙන්ය.

 

පිරිසක් සමග පැමිණ සොයිසා තමන්ගේම සමාජ ශාලාව තුලදී කපා කොටා ඝාතනය කර පැන යන මට්ටමට අපරාධකරුවන් ප්‍රබල වූයේ මේ දේශපාලන රැකවරණ නිසාම බව පැහැදිලිය.

එස්.එ‍ෆ් ලොකු හෙවත් නිරෝෂණ රණසිංහ
එස්.එ‍ෆ් ලොකු හෙවත් නිරෝෂණ රණසිංහ

 

– දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles