Monday, May 6, 2024

කොටුවක් පැන්න සීනියර් මන්ත්‍රීට වෛද්‍ය ප්‍රතිකාර

කොළඹට අල්ලපු දිස්ත්‍රික්කයක සිටින අවුකණ්නාඩි පළදින ඇමතිකම් දරන ලද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට උත්තේජන පෙත්තක් නිසා වුණ හදියක් සම්බන්ධ පුවතක් නාරාහෙන්පිට ප්‍රසිද්ධ රෝහලකින් වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේය.

මේ මන්ත්‍රීවරයා තරුණ ලමිස්සියන් ආශ්‍රය කිරීමට ඉතා ප්‍රිය අයෙක් වන අතර ඉකුත් සතිඅන්තයේ දිනක තරුණ ලමිස්සියක් සමඟ ඔහු නිස්කලංක තැනකට ගොස් තිබේ.

නිස්කලංක තැන තවතත් නිස්කලංක කර ගන්නට සිතා ඔහු ඒ පරිසරයට ආසන්න තැනකින් කාමරයක්ද වෙන්කරගෙන ඇත.

මේ නිස්කලංක තාවය බුක්තිවිදින අතර අර තරුණියට සිය ශක්තිය පෙන්නන්නට සිතූ මන්ත්‍රීවරයා නිතර පානය කරන උත්තේජන පෙත්තක් මාත්‍රාවට වැඩියෙන් පාවිච්චිකර ඇත.

කෙසේවුවද අදාල පෙත්ත පාවිච්චි කිරීමෙන් පසුව කාර්ය නිමවුණද රාත්‍රී 12.30 පමණවන තෙක් උත්තේජනයේ ශක්තිය අඩුවී නොමැත.

පසුව ඔහුට අදාල තත්ත්වය නිසා කලිසමක් ඇඳන් කාමරයෙන් පිටතට පැමිණීමට නොහැකි වී තිබේ.

ඉන් පසුව සරමක් ඇඟලාගෙන අර තරුණියගේ මෝටර් රථයෙන් නාරෙහෙන්පිට ප්‍රසිද්ධ රෝහලක කාමරයක් වෙන්කරගෙන ප්‍රතිකාර ගැනීමෙන් පසුව තත්ත්වය සමනයකර ගැනීමට සමත්වූ බව වාර්තා වේ.

(මූලාශ්‍රය – Sri Lanka Mirror Web)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles