Monday, May 6, 2024

මහින්දගේ මස්සිනා කාලෙකින් ගෙදර ගිහින් නෑ

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සැහෙන කාලෙකින් සිය නිවසට ගොස් නැතැයි වාර්තා වේ.

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සිදුවී ඇතැයි කියන වංචා සහ දුෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවමින් නිකුත් කළ නොතිසි බාර ගැනිම නිශාන්ත වික්‍රමසිංහගේ බිරිඳ ප්‍රතික්ෂේප කොට ඇත.

නොතිසි බාර දීම සදහා කොමිසමේ විමර්ශන නිලධාරින් වික්‍රමසිංහ මහතාගේ ගල්කිස්සේ නිවසට ගිය අවස්ථාවේදි සැමියා මාස ගණනාවකින් නිවසට පැමිණි නැති බව කියමින් එම නොතිසි බාර ගැනිම වික්‍රමසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති පරික්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වික්‍රමසිංහ පදිංචි ස්ථිර ලිපිනයක් තමන් නොදන්නා බවත් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් පවසා ඇති බවද වාර්තා වන අතර වික්‍රමසිංහ පදිංචි ස්ථානය සොයාගෙන කොමිසම හමුවට කැඳවමින් නිකුත් කොට ඇති නොතිසි ඔහුට බාර දිමට කටයුතු කරන බවද කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්තිගේ සහෝදරයෙකි.

මොහු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කල සමයේ එක්තරා සුන්දර ගුවන් සේවිකාවට විශේෂ අනුග්‍රහයක් දැක්වීම ප්‍රසිද්ධ රහසක් වූ අතර, ඇය නිසා ශ්‍රි ලංකන් ගුවන් ගමන් ගණනාවක් වෙනස් කිරීමට පවා ඔහු කටයුතු කළේය.

ඇමති ප්‍රියංකර, නිශාන්ත පෙන්නා ෂේප් වෙයි !
මේ අතර, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව අතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය මෙන්ම වත්මන්  නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතාගෙන් මහාපරිමාන දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම අද (28) ප‍්‍රකාශයක් ලබා ගත්තේය.
 අදාළ ප‍්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ප‍්‍රියංකර ජයරත්න මහතා කියා සිටියේ මැයි දින සැමරුමේදී ආහාර පාන ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී තමන්ගෙන් ප‍්‍රශ්න කෙරුණු බවයි.
 එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ කේටරින් සමාගමේ පසුගිය කාල සීමාව තුළ සිදු වුවේයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළ බවත් ඔහු පැවසිය.
 විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙම ප්‍රශ්න කිරීම් තමාගෙත් සිදු කළ බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මේ සම්බන්ධයෙන් පිළිතුරු දීය යුතු බව තමා එහිදී පැවසු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles