Tuesday, May 7, 2024

මහින්දගේ දෙනියාය භූගත මාලිගය වැටලූ මාධ්‍යවේදීන් කියන කතාව…

මහින්ද රාජපක්ෂගේ බාල නගනියට අයත් බව කියැවුණු දෙනියාය නාතගල වත්තේ නම් අක්කර 40 ක ඉඩමක පිහිටි මේ මාලිගාව පොළවෙන් යටට මහල් 2ක් ද පොළොවෙන් මතුපිටට මහල් 3ක්ද වශයෙන් මහල් 4 කින් යුතුය. මේ ගැන පලමුවරට තොරතුරු හෙළි වූයේ2009 වසරේදී මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ ගවේශනාත්මක කටයුතක් හේතුවෙනි. මෙය එවකට ආන්දොලනාත්මක සිදුවීමක් විය.

මාධ්‍යවේදීන් ගේ නිරීක්ෂණයට හසුවූ ආකාරයට ඒ වන විටත් ඉදිවෙමින් තුබු මේ භූගත මාළිගාවේ සුපිරි අංගෝපාංග වලින් සමන්විතව තිබිණි. එය කොළඹ ජනාධිපති මන්දිරයේ භුගත මාලිගාවට වඩා සුපිරි ලෙස සකස් කරමින් තුබු අතර ඊට හෙලිකොප්ටර් අංගනයකින්ද සමන්විත විය. මේ ගැන අණාවරණය වෙමෙන් පසුව හෙලිකොප්ටර් අංගනය ඉදිකිරීම් නතර වූවත් මන්දිරයේ අන් සියලු කටයුතු සම්පූර්න කළේය.

නමුත් මෙහි කිසිවෙක් අද දක්වාම ස්ථිර පදිංචියේ නැත. විව්ටින් විට සාජ්ජ ‍රැස්වීම් පැවැත්විය.

මේ ඉදිකිරීම සඳහා යෝදා ගත්තේ රජය දෙපලය. හම්බන්තොට වරාය ඉදිකිරීම් සඳහා ගෙන ආ අමුද්‍රව්‍ය එම ඉදිකිරීම සඳහාද යොදා ගෙන තිබු අතර මඟ නැගුම ආයතය මඟින් ඒ දේවල් බලා කියා ගෙන තිබිණි. මේ රාජපක්ෂ පවුලේ ඉඩමක කළ ඉදිකිරීමකි. මේ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නැගනියගේ සැමියා වූ තුසිත රණවකය.

පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් කෙරුණු පුවත්පත් වාර්තාවකි.

ඒ 2009 සැප්තැම්බර් මාසයයි. යුද ජයග‍්‍රහණයේ මහා උන්මාදයෙන් සියල්ලෝ සැතපී සිටියහ. එහෙත් ඇතැම් ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් පියවි සිහියෙන් රටේ සිදුවන විසුළු සහගත කාරණා රට හමුවේ පෙන්වා දෙමින් තිබිණි.

සැප්තැම්බර් 1 වැනිදා දෙල්කඳ පිහිටි ‘ලංකා’ පුවත්පත් කාර්යාලයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙක් තම ගමන් මලූ සූදානම් කරගත්තේ විශේෂ මෙහෙයුමකටය. එය සැලැසුම් කෙරුණේ දෙනියාය ප‍්‍රදේශයේ හිතවතකුගෙන් ලැබුණු වැදගත් තොරතුරකට අනුවය. දුරකතනයෙන් ලංකා කාර්යාලය ඇමතූ ඔහු විශේෂ තොරතුරක් ලබා දුන්නේය. එනම් දෙනියාය නාගල වත්තේ පෞද්ගලික නිවසක් ඉදිකිරීමට රජයේ යන්ත‍්‍ර සූත‍්‍ර හා සේවකයන් යොදාගෙන ඇති බවය. මේ කතාව කියන්නට පෙර එවකට පැවැති දේශපාලන පසුබිමෙන් බිඳක් සිහියට නඟා ගත යුතුය.

යුද්ධය අවසන් වූයේ 2009 මැයි 19 වැනිදාය. මහින්ද රාජපක්ෂ මහත්තයා රජෙක් වෙන්නට දැඟලීම පටන් ගත්තේ මේ කාලයේය. මේ රජ මේනියාව නිසා මහින්ද පමණක් නොව මහින්දගේ නෑදෑ සනුහරයම මාලිගා හදන්නට පටන් ගත්තේය. ගෝඨා කතරගම රක්ෂිතයක මාලිගාවක් හදන්නට පටන් ගත්තේත්, නාමල් සිංහරාජය වනසන්නට පටන් ගත්තේත් ඒ නිසාය. ඒ විතරක්ද, මේ සියල්ලම කළේ රජයේ මුදල්වලිනි. කිරිපිටි පැකට් එකට, සීනි කිලෝවට බදු ගසා එකතු කරන සල්ලිවලිනි.

දෙනියාය නාතගල වත්තේ ද මහින්ද මහත්තයාගේ නංගී ගාන්ධිනී රාජපක්ෂ සහ ඇගේ ස්වාමි පුරුෂයා වූ තුසිත රණවක විසින් මාලිගාවක් ඉදි කරමින් සිටියේය. සිංහරාජය මායිමේ ඉහළ තැනක ඉදි කෙරෙන මෙම මාලිගාවට යාබදව වෙනම වීදුරුවලින් ඉදි කළ කුටියක් ද සැලැසුම් කර තිබිණි. ඒ මහින්ද මහත්තයාගේ පවුලේ ඇත්තන්ට අවට පරිසරයේ සුන්දරත්වය විඳින්නටය.

මහින්ද මහත්තයා සහ පවුලේ ඇත්තන් සිතුවේ වීදුරු ගෙවල්වලට ගහන ගල් තමන්ට නොවදිනු ඇති බවය. ඔවුන් මේවා කළේ අනුන්ගේ සල්ලිවලිනි. ඒත් යුද ජයග‍්‍රහණයත් සමග ගෝත‍්‍රික මානසිකත්වයෙන් සිටි ඔවුන් තමන්ට එරෙහිව අවි ඔසවන්නට කිසිවකු ඒවි යැයි සිතුණේ නැත. එසේ ආවත් ඔවුන් මර්දනය කළ හැකි බවය, ඔවුන් සිතුවේ.

‘ලංකා’ පුවත්පත මහින්දලාගේ මේ මාලිගාවට ඉලක්කය බලා එල්ල කළ ගල හරිම තැනට වැදුණේය.

දෙනියාය, නාතගල වත්තේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වන ‘මඟ නැගුම’ ව්‍යාපෘතියේ මුදල් සහ වාහන යොදා ගනිමින් ඉදි කෙරෙන මෙම මාලිගාව සොයා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනකු වූ රවීන්ද්‍ර පුෂ්පකුමාර, දයා නෙත්තසිංහ සහ ශාලික විමලසේන ගියේ ඒ ගල ගහන්නටය. ඒ බව ආරංචි වූ ගමන් මාර්ග සංවර්ධන අධිකාරියේ වාහනයකින් පැමිණි මැරයන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල කර තිබිණි. (ඒ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ආරක්ෂාව සඳහා අනුගමනය කළ ඇතැම් උපක‍්‍රමශීලී පියවර තවමත් හෙළිදරව් කළ නොහැක්කේ මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින බැවිනි.)

කෙසේ වෙතත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට ගිය එම මාධ්‍යවේදීන් ත‍්‍රස්තවාදීන් බවට පත් කෙරිණි.

මාධ්‍යවේදීන්ගේ ගවේෂණාත්මක වාර්තාකරණයේ මෙහෙයුමක් නිසා මහින්දලා හොඳටෝම කලබල වී තිබිණි. ඒ වගේම මහින්ද මහත්තයලාගෙන් ලකුණු දමා ගන්නට බලාගෙන සිටි කොට්ටේරු උන්නැහේලාට මෙය හොඳ චාන්ස් එකක් විය. (තොවිල්-පවිල්වල දී ගුරුන්නාන්සේ කියන ඕනෙම දෙයක් කරන ගෝලයාට කියන්නේ කොට්ටේරු උන්නැහේ කියලාය)

දෙනියාය බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් බෝම්බයක් ඇටවීමට යාමේ දී අල්ලාගත් ත‍්‍රස්තවාදීන් මෙන් පොලිසිය තුළට කුදලාගෙන යනු ලැබිණි. ඉන්පසු රඟදැක්වුණේ දේශපාලන බලයේ නාඩගමයි. පවතින නීති උල්ලංඝනය කරමින් ඩෙනිම් කලිසම් සහ ටී ෂර්ට් ඇඳගත් පිරිසක් විසින් බලහත්කාරයෙන් මෙම මාධ්‍යවේදීන්ව පරීක්ෂා කිරීමත් කළේ පොලිසිය තුළදීය. මාධ්‍යවේදීන් තිදෙනාගේ විරෝධය මැද ගමන්මලූ විවෘත කිරීමත් නීතියේ ආධිපත්‍යයට හෙණ වැදී තිබුණු බවට උදාහරණ වේ.

මහින්දගේ නැගණිය පැමිණ දෙනියාය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩි වී කකුලක් පිට කකුලක් දමාගෙන මේ සිද්ධියට අදාළ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය ගැන සොයා බැලීම ද අපූරුය.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති නිල ඇඳුමෙන් වුවද මහින්ද මහත්තයාගේ කකුල් ලෙවකමින් සිටි අනුර සේනානායක තමන්ට අවශ්‍ය පරිදි ප‍්‍රකාශයක් සකස් කොට අදාළ මාධ්‍යවේදීන් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. ඉන්පසු සිවිල් ඇඳගත් විතානගේ නම් නිලධාරියකු සම`ග පොලිස් වාහනයකින් මාධ්‍යවේදීන් සිදුවීම ඇතිවූ ස්ථානයට යවන ලදී. ඔවුන් අවස්ථා කිහිපයක දී මෙසේ හේතු රහිතව රස්තියාදුවේ යැවිණි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පසුව අනාවරණය කළේ මාධ්‍යවේදීන් නිහඩ කරවා සුපුරුදු ත‍්‍රස්තවාදී ලේබලයෙන්ම කතාව අවසන් කිරීමේ උත්සාහයක් පැවැති බවයි. ඔවුන් ගෙනයන අතරමග පාලූ ස්ථානයකදී පලා යාමට උත්සාහ කිරීමේ දී වෙඩි තැබුවාය යන පොලිසියට හුරු-පුරුදු බොරුව කීමේ සැලැසුම් කර තිබූ බවයි. එමගින් අදාළ සිද්ධිය එහෙම පිටින්ම වෙනස් කොට එය හෙළිදරව් වීම වළක්වා මාධ්‍යවේදීන්ට ත‍්‍රස්තවාදී ලේබලය ඇළවීම සැලැස්ම විය. එවිට යුද ජයග‍්‍රහණයෙන් මෝහනය කරවා සිටි ජනයා ද ‘හොද වැඬේ ඕකුන්ට’ යැයි කියන බව මහින්ද මහත්තයලා දැනගෙන සිටියහ. කෙසේ වෙතත් මේ මාධ්‍යවේදීන් දෙනියාය පොලිසිය ම`ගින් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ වනවිටත් මාධ්‍ය ම`ගින් රටටම හෙළිදරව් වීම නිසා ඔවුන් මරා දමන්නට ගත් තීරණය අවලංගු කළ බව ද අදාළ ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

මේ අතර මහින්ද රාජපක්ෂලාගේ දෙපතුල් ළග දණින් වැටී සිටි මර්වින් සිල්වා කියා තිබුණේ මේ කරදරකාරී මාධ්‍යකරුවන් නිහඩකර දැමිය යුතු බවකි. දැන් ඒ මර්වින් සිල්වා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසන්නට දගලන්නේය.

එදා මාධ්‍යවේදීන් තිදෙනාගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ප‍්‍රභූන් ඝාතනය කිරීමට ඔත්තු බැලූවේද වැනි කරුණුය. අදාළ ප‍්‍රභූ මාලිගය පිළිබඳ විස්තර රැුස්කර මුදලට ත‍්‍රස්ත සංවිධානයකට ලබාදීම සඳහා කටයුතු කිරීම වැනි චෝදනා එල්ල කරමින් මාධ්‍යවේදීන් තිදෙනා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට පත් කෙරිණි. ඒ අතරවාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද දිගට-හරහට ප‍්‍රශ්න කරන්නට අවස්ථාව දී තිබිණි. මහින්ද මහත්තයලා රාජ්‍ය දේපොළ සහ මුදල් අවභාවිතාවේ යොදවන ආකාරය සොයන්නට ගිය මාධ්‍යවේදීන්ට පහුගිය ආණ්ඩුවේ සැලකුවේ එහෙමය.

මාධ්‍යවේදීන් තිදෙනාට එරෙහිව රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කළේ ඉන් පසුවය. ඒ අනුව කොළඹ, කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ ඇති ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ත‍්‍රස්තවාදී සැකකරුවන් ස`මග ඔවුන්ව ගාල් කෙරිණි. ? එළිවෙනතුරු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු දිගින්-දිගටම අනාවරණය වූයේ මෙම මාධ්‍යවේදීන් කිසිදු ත‍්‍රස්ත සංවිධානයක් සම`ග සම්බන්ධතා පවත්වා නැති බවත් ඔවුන්ගේ බැංකු ගිණුම් සිඳි ඇති බවත්ය.

මෙලෙස තමන්ගේ වැරැදි වහගන්නට නීතිය ගණිකා වෘත්තියේ යෙදවීම හෙළා දකින්නටත් ඊට එරෙහිව පෙළ ගැහෙන්නටත් මාධ්‍යවේදීන්, සිවිල් සංවිධන මෙන්ම පොදු මහජනතාව කටයුතු කිරීම නිසා අන්තිමේ දී මහින්ද-ගෝඨා හවුලට තීරණයක් ගැනීමට සිදු විය. ඒ තීරණය ප‍්‍රකාශයට පත් කෙරුණේ අනුර සේනානායක ලවාය.

ඔහු දෙනියාය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවසුවේ මෙම මාධ්‍යවේදීන් කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ධ නැති බව ඔප්පු වී ඇති බවකි. එසේම ඔවුන් කිසිදු ත‍්‍රස්ත සංවිධානයක් සම`ග සම්බන්ධතා පවත්වා නැති බවත්ය. මේ නිසා පෞද්ගලික ඉඩමකට අවසර නොගෙන ඇතුළුවීමේ චෝදනාව පමණක් ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කෙරිණි.

මාධ්‍ය ඉදිරියේ ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ මෙම මාධ්‍යවේදීන් තිදෙනාගේ සිද්ධිය සමථ මණ්ඩලයේ දී සමථ කරගන්නා ලෙස පසුව අධිකරණයෙන් දැනුම් දුන්නේය. එහෙත් තමන්ගේ නිදොස්භාවය පිළිගන්නා තෙක් සමථ වීමට සූදානම් නැති බව අදාළ මාධ්‍යවේදීන් තිදෙනා විසින් පැවසීමත් සමග නඩුව නැවත අධිකරණය ඉදිරියට ආවේය. මහින්ද රාජපක්ෂලා රජ පවුලක් ලෙස කිරුළු දැරීමේ උන්මත්තක රෝගයෙන් පෙළෙන විට, ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත සුදු වෑන් කල්ලි ක‍්‍රියාත්මක වූවා යැයි මර්වින් සිල්වා කොට්ටේරු උන්නැහේ විසින්ම දැන් කියයි. පුද්ගලයන් පැහැරගෙන ගොස් අබිරහස් ලෙස මරා දමන විට මේ ගෝත‍්‍රික රැුළට එරෙහිව ‘ලංකා’ මාධ්‍යවේදීහු නඩු කීහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට මෙම ඉඩම අයත් නැති බවත්, මාධ්‍යවේදීන් එම නිවසට ඇතුළු වනවිට එය වෙනත් අයකුගේ නමට තිබුණු බවත් නඩුවේදී හෙළිදරව් කෙරිණි. එසේම නැවත වරක් මෙම ඉඩමේ අයිතිකරුවකු යැයි කියාගන්නා පුද්ගලයකු පැමිණ තමන් මෙම ඉඩමට පැමිණ ඇත්තේ දෙවරක් පමණක් බවත් මහින්ද හෝ ගෝඨා මෙහි නොපැමිණි බවත් පැවසීම නිසා මහින්ද රාජපක්ෂගේ මස්සිනාගේ ප‍්‍රකාශ හාස්‍යයට ලක් විය. එසේම පැමිණිලි පාර්ශ්වය අවස්ථා ගණනාවක දී සාක්ෂි ලැයිස්තු වෙනස් කිරීම, හිතා මතා විවිධ හේතු දක්වමින් නඩුව කල් දමා ගනිමින් අදාළ මාධ්‍යවේදීන් රස්තියාදු කරවීම, චෝදනා ලැයිස්තු සංශෝධනය කිරීම ඇතුළු හේතු ගණනාවක් නිසා අධිකරණයෙන් පැමිණිලි පාර්ශ්වයට දැඩිව අවවාද කෙරිණි.

මෙම නඩුවේ තීරණාත්මක අවස්ථා රැුසක් පිළිබඳව බරපතළ කරුණු රැුසක් හෙළිදරව් කිරීමට ඇතත් තවමත් නඩුව පවතින නිසා එම කරුණු හෙළිදරව් කිරීම පසුවට කල් තබන්නෙමු.

මේ මෙහෙයුමට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් කිසිවකුත් අද ලංකා පුවත්පතෙහි සේවයෙහි නැත.

මූලාශ්‍රය – Lanka Daily

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles