Friday, May 3, 2024

මහින්දගේ ප්‍රකාශ කෙසේ හෝ බලය ලබාගන්නටයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ලබා ගැනීම සඳහා කරනු ලබන ප්‍රකාශ යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවභාවිතා කරමින් රටක් මුහුණ දෙන ජාතික ප්‍රශ්න හා ගැටලු යථාර්ථවාදීව විග්‍රහ නොකරමින් හිටපු ජනාධිපතිවරයා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

රටක් තුළ උද්ගතවන දේශපාලන ආර්ථික හා සමාජ ප්‍රශ්න පිළිබඳ උනන්දුවක් දක්වන අය තම පෞද්ගලික අදහස් උදහස් දැක්වීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දැකිය හැකි ලක්ෂණයකි. එයින් නිරූපණය වන්නේ කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එම දේශපාලන ක්‍රමය තුළ සුරක්ෂිත වී තිබෙන බවය. සමහරුන් මෙලෙස අදහස් ප්‍රකාශ කරන්නේ කරුණු කාරණා ඉතා හොඳින් සොයා බැලීමකින් හෝ ගැඹුරින් අධ්‍යයනය කිරීමකින් පසුවය. තවත් සමහරු තමන් දන්නා බව පෙන්වීම සඳහා වෙනත් කවුරුන් හෝ විසින් ලියා දෙන ලද ප්‍රකාශ තමන්ගේ නමින් නිකුත් කරන ආකාරය දැකිය හැක. සමහරු දැනගෙන කථා කරන අතර තවත් සමහරු නොදැන කථා කරමින් තමන්ගේ නොදැනුවත්භාවය ප්‍රදර්ශනය කරති.

ඉහත දැක්වූ කුමන ආකාරයකට අදහස් ප්‍රකාශ කළද, අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අවභාවිත කරමින්, රටක් මුහුණ දී ඇති ජාතික ප්‍රශ්න හා ගැටලු යථාර්ථවාදීව විග්‍රහ නොකරමින්, ජනතාවට වැරදි තොරතුරු සපයා, ජනතාව නොමඟ යවමින් තමන්ගේ කථාව දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරන්නේ නම් එය සැබවින්ම සැලකිය හැක්කේ ජාතීද්‍රෝහී සහ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles