Friday, May 3, 2024

මහින්දට මන්ත්‍රී සැලකිලි පමණයි

ජපානයේ පෞද්ගලික සංචාරයකට ගිය හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ට කටුනායක, හොංකොං හා ටෝකියෝ ගුවන්තොටුපළවලදී වීඅයිපී සැලකිලි හා සෙසු වරප්‍රසාද සලසන්නැයි විදේශ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණාලු.

මන්ත්‍රීවරයකුට හිමි සැලකිලි පමණක් කළ හැකි බව ඔහුට කීවාලු. ඔහුට ඉතා වැදගත් පුද්ගලයන්ගේ ධූරය අනුව නිල වශයෙන් සැලකිලි හා වරප්‍රසාද ලබාදෙන ලෙස ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර විදේශ ලේකම් චිත්‍රාංගනී වාකිෂ්ඨ ද ලිපියක් යවමින් ඉල්ලා ඇත.

මහින්ද සමග තවත් 23 දෙනෙක් ජපාන ගමනට එක්වූහ. ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි ඇතුළු ආරක්ෂකයෝ 10 දෙනෙක්ම ඔහු සමග ගියහ.

මීට අමතරව විමල් වීරවංශ ඇතුළු තවත් පිරිසක් ද ගමනට එක්වූහ.

මහින්ද උගන්ඩා ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට ද යෑමට පෙර විදේශ අමාත්‍යංශයෙන් ප්‍රොටොකෝල් සහාය ඉල්ලා සිටියේය. ඒ අනුව කොළඹ – ඩුබායි – කම්පාලා ටිකට්පත් වියදමද රජයෙන් දැරීය. එහෙත් ජපානයේ පන්සලක උත්සවයකට යන බව රාජපක්ෂ මහතා කියා තිබිණි. එහෙත් ඔහුට ඇරියුම් කර ඇත්තේ ජයන්ත හෙට්ටිආරච්චි ය.

ජපාන මිත්‍රත්ව සංගමයේ සංවිධායක ලෙස ඔහු රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබිණි. ඔහු එම ආරාධනය කර ඇත්තේ සවෝරි එක්ස්පෝට්ස් නම් ආයතනයක ලිපි ශීර්ෂයකිනි. ඒ සමාගම ශ්‍රී ලංකාවට පාවිච්චි කළ ට්‍රක් හා යන්ත්‍ර සූත්‍ර එවන ආයතනයකි. එහෙත් රාජපක්ෂ කණ්ඩායමේ වීසා ඉල්ලුම්පත්‍රවල සඳහන් වූයේ පන්සලක උත්සවයකට යන බවයි. මේ පිරිස ජූලි 21 වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles