Friday, May 3, 2024

මහින්දානන්දට තවත් ලෙඩක් – ජනාධිපති කොමිසමටත් කැඳවයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්මේතන්තුවට අයත් නාවලපිටිය ප්‍රදේශයේ ඉඩම් දෙකක් තම පුද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා ගැනීමට ලබන 29 දා මහින්දානන්ද අළුත්ගමගේ මහතා බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවා ඇත.

නාවලපිටිය අඹගමුව පාරේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 3,630,000 ක් වටිනා පර්චස් 13.2ක ඉඩම පස් අවුරුදු බදු පදනමකින් ලබාගෙන බදු කොන්දේසි කඩ කරමින් අනවසරයෙන් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකොට තම පුද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වේ.

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවටම අයත් පර්චස් 79.5 ක බිම් කොටසක සමාජ සත්කාරක ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් පක්ෂ කාර්යාලයක් ඉදිරිකර පවත්වාගෙන යෑම සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නිළ නිවාස භාවිතා කර රුපියල් ලක්ෂ 25ක මුදලක් අහිමි කිරීමට එරෙහිවද කටයුතු කිරීමට කොමිසම පියවර ගෙන තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles