අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාව සීෂෙල්ස් කණ්ඩායමට

0
298

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු කුසලනායේ (19) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සීෂෙල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රතිවාදී පිළ වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ ශූරතාව සීෂෙල්ස් පිළ තමන් සතු කරගත්තේ, දඬුවම් පහර 3-1ක් ලෙස එල්ල කරමින්.

ඒ අනුව මෙවර මහින්ද රාජපක්ෂ සිව්කොන් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සීෂෙල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව ශ්‍රි ලංකා නායක සුජාන් පෙරේරාට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here