Monday, May 6, 2024

මහින්ද හිරවෙයි-සමුළුවට නොයන බවත් ස්ථීරයි

තමන් ජාත්‍යන්තර සමුළුවක් සඳහා විදේශ ගත වන බවත් එය යොදා ගත්තේ පක්ෂයේ සමුළුවට දින යොදා ගැනීමට පෙර බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හමුවීමෙන් අනතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එම හමුවේදී සාකච්ඡා කළේ කුමක්දැයි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසන විට ඔහු පවසන්නේ පක්ෂ සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එයට යන නොයන එක තීරණය කරන්නේ පහළ සිටින ආසන බලමණ්ඩලවලින්ද විමසා බවත්ය.

මාධ්‍ය වේදියා :- හිටපු ජනාධිපති තුමා මොනවා ගැනද සාකච්චා වුනේ.

පිළිතුර :- අපි සකච්චා වුනා මේ… ම්…. මීලඟ පාර්ලිමේන්තු දවසට කරන වැඩ ගැන. ඊලඟට සංවත්සරය පිළිබඳව. අපී පොදු තීන්දුවකට ආවා බලමණ්ඩලවල අදහස් විමසලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහාම තල්ල… ඒ ඒ ආසනවල තියෙන…

මාධ්‍ය වේදියා :- ඔබතුමා සහභාගී වෙනවද?

පිළිතුර :- ඉතින් ඒක තමයි. ඒ ඔක්කෝගෙම සංවිධානවල සාකච්ඡා කරල තමයි… එයාලා කියන එකක් එපැයි අපි කරන්න…

මාධ්‍ය වේදියා :- හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා කියලා තිබුණ ඔබතුමා විදේශ ගතවෙනවා කියලා පක්ෂ සම්මේලනයට ඉන්නේ නැතුව.

පිළිතුර :- ඔ… ඔව්… ම…ම… ම…ම ම… ඒක තමයි විදේශගතවෙන්න ඉස්සෙල්ලා අපි කියලවා. මොකද විදේශගත වෙන්නේ මම මේ පක්ෂ සම්මේලනය තියන්න ඉස්සෙල්ලා ගත්ත තීන්දුවක් නේ.

මාධ්‍ය වේදියා :- ඒ කියන්නේ ඔබ….

පිළිතුර :- සම්මේලනයකට යන්නේ. ජාත්‍යන්තරව තියෙන.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles