Sunday, May 19, 2024

මහ බැංකු අධිපතිකමට සුදුසු කවරෙක්ද..?

වත්මන් මහ බැංකු අධිපතිගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන විවාධ රැසක් පවතිනවා. ඒ නිසා, අර්ජුනට එම අවස්තාව නොලැබුණොත් ඒ සඳහා නම් දෙකක් යෝජනා වී ඇත.

එක් එයෙක් වන්නේ මහ බැංකු අධිපතිවරයෙක්ව සිටි අචාර්‍ය W. විජේවර්දන මහතායි. 2008 ඔහුට එන ධූරය ලබා දෙන්න ගියත් ඔහු එය ප්‍රතික්ෂේප කරා. මහ බැංකු කටයුතු හා රටේ මූල්‍ය තත්වය විවේචනය කළ ඔහු, මූල්‍ය ක්ෂේත්‍රයේ නිපුණයෙකු ලෙස සැලකේ.

අනෙක් යෝජනාව වන්නේ මහාචාර්‍යය ලලිත් සමරකෝන්ය. ලෝක බැන්කුවේ හා ආසියානු ප්‍රාග්ධන බැංකුවේ ලංකාවේ කටයුතු පිළිබඳව උපදේශකයෙකු ලෙස ඔහු කටයුතු කරයි. ඔහු මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙකුගේ නමත් මීට යෝජනාව ඇති බව සඳහන් වෙනවා. ආර්ථිකය පිළිබඳව හොඳ දැනීමක් ඇති ඔහු අවස්තාව ලැබුණොත් ධූරය බාර ගැනීමට සූදානම් බව වාර්තා වෙනවා. නැතිනම් තාවකාලිකව අධිපති කෙනෙක් පත් කිරීමේ ඉඩක් ඇති බව සඳහන් වෙනවා.

අර්ජුනගේ කාලයේ සිදුව ඇතැයි කියන අක්‍රමිතතා සෙවීමට කෝප් කමිටුව විමර්ශනය කරමින් සිටිනවා. එම නිර්දෙශයන්ගෙන් පසුව අර්ජුනගේ පත්වීම ගැන සලකා බලණු ඇති.

අර්ජුන ලාංකිකයෙක් නොවෙන බැවින් ඔහු එම අවස්තාව ලබා නොදෙන ලෙස කැෆේ සංවිධානය අභියාචනාකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles