Thursday, May 9, 2024

මා ඉවත් කළ බව ආරංචි වුණේ චීන පොහොර වන්දිය අඩු කරන සටනක් අතරතුරයි – ඉවත් කළ කෘෂිකර්ම ලේකම් කියයි

පසුගිය කොවිඩ් කාලය පුරා කාලය, ශ්‍රමය හා දැනුම කැපකරමින් තමා සිදුකළ සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබානොගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කර සිටියේ, එවැනි කැපකිරීමක් සිදුකරමින් ඉටුකළ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාට දුකක් ඇති බවය. තමාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට නිශ්චිත හේතුව මෙතෙක් සිතාගත නොහැකි බවද පැවසු ඒ මහතා, තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ද පැවසීය.


තමන් අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර අති බවට පණිවිඩවය ලැබුණේ චීන පොහොර වෙනුවෙන් අපට ගෙවන්නට සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කිරීම සඳහා විශාල සටනක් කරගෙන යන අවසථාවකදී බවත් උදිත් කේ ජයසිංහ මහතා මෙහිදී පවසා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ පසුගිය කොවිඩ් කාලය පුරා කාලය, ශ්‍රමය හා දැනුම කැපකරමින් තමා සිදුකළ සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබානොගත් බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

මෙහිදී මාධ්‍යවේදියා විසින් වැඩිදුරටත් උදිත් ජයසිංහ මහතාගෙන් විමසා සිටියේ, “ආහාර හිඟයක් ඇති වෙනවා” යනුවෙන් පැවසීම මෙම තනතුර අහිමිවීමට බලපෑවේ ද යන්නය.

එයට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ආහාර හිඟයක් ඇති වෙනවා යන්න ආන්දෝලනාත්මක වන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අයට බව ද පැවසීය.

“මෙහෙමයි ආහාර හිඟයකට දැනුම්දෙන එක එකපාර ලියුම් ලියලා දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි සාකච්ඡා කරනවා. අපි ආහාර සම්බන්ධයෙන් වැඩකරන කමිටුවල ඉන්නවා. ඒ වගෙත් කියන්නේ ඕක ගැන. අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. ඒවා ඔක්කෝම අහන් ඉඳලා ඇවිත් කෑ ගහන්නේ නෑ. නමුත් ජනතාව දැනුවත් කරන්න බැරි නම්, මට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔයාගේ එක යුතුකමක් තමා ජනතාව දැනුවත් කරන එක කියලා. ඉතින් මං ඒක තමා කරේ.”
ප්‍රශ්නය – අන්තිමේ දී ජනතාව දැනුවත් කරන්න ගිහින් ඔබතුමාගේ රස්සාවත් නැතිකර ගත්තා.

“කමක් නෑ. ජනතාව දැනුවත් වුණානම් මදැ. මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ සෙකට්රිකම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා ඒක එතැනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් මං කියන්නේ පෘතඥනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානම මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ. සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ සෙකට්රි විදියට හම්බවෙන රුපියල් 50,000වත් හම්බවුණේ නෑ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති.”

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

සෞභාග්‍ය දැක්ම රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මුල් අවධියේ සිට තමන් මහාචාර්යවරයකු ලෙස මෙම කටයුතුවලට සම්බන්ධ වූ බව සඳහන් කළ මහාචාර්යවරයා ජනාධිපතිවරයාගේ එම දැක්මට අනුව 2030 වසරේ දී සම්පූර්ණයෙන් කාබනික ගොවිතැනට යන්නට කළ සියලු සැලසුම් එක රැයින් වෙනස් වන ආකාරයට ගැසට් නිවේදන නිකුත් වූ බවත් සඳහන් කළේය. තමන් එදා සිට මේ තරම් ඉක්මනින් මෙම කටයුත්ත සිදු කිරීම අසීරුය යන මතයේ සිටි බවත් අදාළ ස්ථානවලදී මේ මතය තමන් රජයට ඉදිරිපත් කළ බවත් පෙන්වා දුන්නේය.

චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles