Friday, May 17, 2024

මැලේසියානු නි; අග්‍රාමාත්‍ය දිවයිනට -ඇමති වජිර පිළිගනී

DSC_6911DSC_6924DSC_6947මැලේසියානු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අහ්මඩ් සයිඩ් හිමිඩි මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (21) කොළඹ 07,නිදහස් චතුරශ්‍ර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු විය.

 

මෙහිදී දෙරටේ දීර්ඝ කාලීන සහයෝගීතාව පිළිබඳව සිහිපත් කරමින් මැලේසියානු නියෝජ්‍ය අගමැති සහ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදහස් හුවමාරු කර ගත් අතර මැලේසියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ලෙස අහ්මඩ් සයිඩ් හිමිඩි මහතා එරටේ ඔහු ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී.

 

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ශ්‍රි ලංකාවේ ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස මෙතෙක් ඔහු අමාත්‍යාංශය තුළ සිදු කළ මෙහෙය, එහි ප්‍රගතිය සහ ඉදිරියේදී අමාත්‍යාංශය ලෙස සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව මැලේසියානු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අහ්මඩ් සයිඩ් හිමිඩි මහතා ඇතුළු නියෝජිත පිරිස දීර්ඝ ලෙස දැනුවත් කළේය.

 

ඊට අමතරව ශ්‍රි ලංකාවේ නව ආර්ථික උපයාමාර්ග ඇති කිරීමේ අවස්ථාවන්, සීග්‍රයෙන් වර්ධනය වන ශ්‍රි ලංකා ආර්ථිකය, දකුණේ සංවර්ධනය පිළිබඳව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, මැලේසියානු නියෝජ්‍ය අගමැති  ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කිරීම මෙහිදී සිදුවිය. එහිදී එම අවස්ථාවන් ජය ගැනීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය රජයක් ලෙස මැලේසියාව ලබාදෙන බව මැලේසියානු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අහ්මඩ් සයිඩ් හිමිඩි මහතා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත ප්‍රකාශ කළේය.

 

මෙම අවස්ථාව සඳහා මැලේසියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වාන් සෙහිඩ් අබ්දුල්ලා, ස්වාද්ශ කටයුතු අමාත්‍යාංයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, මහාචාර්ය කිත්සිරි ලියනගේ, අචාර්ය ටී. ඒ. ජී. ගුණසේකර, නියෝජ්‍ය අගමැතිවරයාගේ දූත පිරිස සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles