Tuesday, May 21, 2024

කැන්ගරුවන් හමුවේ සභාපතිගේ පිල අසරණ වෙයි..

සංචාරක ඕස්ට්‍රේලියාණු කණ්ඩායාම හා ලංකා සභාපතිගේ පිළ අතර තුන්දින පුහුණු තරඟය සඳුදා අරම්භ වුණා. කාසියේ වාසිය දිනාගත් ලංකා කණ්ඩායමේ නායක පළමුව පන්ඳුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ලංකා කණ්ඩායමට සියල්ල දැවී පළමු ඉණිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 229ක් පමණි. ගුණරත්න හා සිරිවර්දන ලකුණු 50හේ සීමාව පසු කිරීමට සමත් වුණා. පන්ඳු යැවීමේදී කීෆෙ කඩුළු 5ක් බිඳ දැමුවා. තම පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රෙලියානු කණ්ඩායම සඳුදා දිනය අවසන් වන විට එක් කඩුල්ලක් පලණක් දැවී ලකුණු 127 ලබාගෙන සිටියා.

පෙරේදා තරඟයේ දෙවැනි දිනනයි. පෙරේදා දිනය අවසාන වන විට ඕස්ට්‍රේලියාව කඩුළු 9ක් දැවවී ලකුණු 431 ලබා සිටියා. ඒ අනුව, ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව ලකුණු 202ක් ඉදිරියෙන් සිටියා. බර්න්ස් ලකුණු 72යි. පන්ඳු යැවීමේදී ජයසූරිය ලකුණු 119යකට කඩුළු 5ක් දවා ගත්තා.

ඊයේ දිනයේ නැවත ඉණිම ඇරඹූ ඕස්ට්‍රේලියාව ලකුණු 474කින් ඉණිම අවසන් කරා. ඒ, ඔවුන්ගේ කඩුළු සියල්ල දැවීයාම හේතුවෙනි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පැමිණි සභාපතිගේ කණ්ඩායමට සියල්ල දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 83ක් පමණයි. ඕස්ට්‍රේලියානු පන්ඳු යවන්නන් හමුවේ සභාපතිගේ පිළ සුන් වී ගියා. පන්ඳු යැවීමේදී කීෆෙ කඩුළු 5ක් දවා ගත්තා. ඒ අනුව, තුන් දින පුහුණු තඟය ඉනිමක් අතැතිව හා ලකුණු 162කින් ජය ගැනීමට කැන්ගරුවන් සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles