Friday, April 26, 2024

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

පාරිභෝගිකයින් වෙත හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග සැපයීමට සහ ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යෑමට හැකි වන පරිදි සහල් මෙටි්‍රක් ටොන් විසිදහසක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම සහල් තොග ආනයනයට පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සහ මියන්මාරය රජය අතර පුද්ගලික අංශය සම්බන්ධ වීමකින් තොරව රජයකින් රජයකට යන පදනම යටතේ ඇති කර ගනු ලබන ගිවිසුමක් මතයි.

එමෙන්ම මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ සහල් මෙටි්‍රක් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 460 ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීමට බව සඳහන්.

මේ පිළිබදව ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී අනාවරණය කෙරිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles