Sunday, April 28, 2024

මොහොමඩ් අදීල් ගැන CID පරීක්ෂණයක් අරඹයි.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලක දී සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රි ලාංකිකයා සම්බන්ධයෙන් මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම පුද්ගලයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටින බවය.

පෙරේදා (03) දිනයේ දී ISIS සංවිධානයට සම්බන්ධ මෙම ශ්‍රී ලාංකිකයා සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහරදී තිබුණි.

කෙසේවෙතත් නවසීලන්ත ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාර හමුවේ ඔහු ජීවිතක්ෂයට පත්විය.

පුද්ගලයින් 6දෙනෙකු මෙහි දී තුවාල ලැබු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දැඩි අන්තවාදියෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවය.

ඒ අනුව මොහු සම්බන්ධයෙන් මෙරට විමර්ශනක් ආරම්භ කෙරුණු අතර, එහි දී සැකකරු මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට 2011 දී ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය විය.

මොහොමඩ් සම්සුදින් අදිල් නමැති 32 හැවිරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් නවසීලන්ත ආරක්ෂක අංශ දැඩි අධීක්ෂණයකින් සිට ඇති බව සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles