Thursday, May 2, 2024

යුක්රේනයේ තවත් නගර දෙකක පිපිරීම්

යුක්‍රේනයේ වයඹ දෙසින් පිහිටි ලු‍ට්ස්ක්හි මෙන්ම මධ්‍යම-නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රධාන බලකොටුවක් වන ඩිනිප්‍රෝ හි පිපිරීම් සිදුවී ඇති බවත්, මෙම නගර දෙකම මීට පෙර සෘජු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්ව නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නගර දෙකම මීට පෙර සෘජු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්ව නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීම්වලට පැය කිහිපයකට පෙර යුක්රේනයේ නගර කිහිපයක් පුරා සයිරන් නාද වී තිබෙන අතර, නගරයේ ගුවන් තොටුපළ ආසන්නයේ පිපිරීම් සිදුවූ බව Lutsk නගරාධිපතිවරයා තහවුරු කර තිබෙනවා.

මධ්‍යම-නැගෙනහිර යුක්රේනයේ ප්‍රධාන බලකොටුවක් වන Dnipro හි – ගුවන් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද යුක්රේන මාධ්‍ය වාර්තාවල සඳහන් වෙි.

නිරිතදිග ඉවානෝ-ෆ්‍රැන්කිව්ස්ක් හි පිපිරීම් ද වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

Dnipro හි, පිපිරීම් තුනක් වාර්තා කරන ලද අතර, එකක් තට්ටු දෙකේ සපත්තු කම්හලකට වැදී තිබෙන බව වාර්තා කරනවා.

යුක්‍රේනයේ රාජ්‍ය හදිසි සේවා (SES) වාර්තා කරන්නේ Dnipro හි Novokodatsky දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි.

මේ අතර ජනාධිපති Volodymyr Zelensky යුක්රේනයේ රසායනික අවි හෝ මහා විනාශකාරී ආයුධ නිපදවා ඇති බවට රුසියාව විසින් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම යුක්රේනයට එරෙහිව එවැනි ආයුධ භාවිතා කළහොත් අනිත් බටහිර රටවලින් රුසියාවට “දැඩි සම්බාධක පැනවෙනු ඇතැයි ද ඔහු අනතුරු අඟවනවා.

ලුට්ස්ක් නගරයට එල්ලවූ රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේන සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලැබූ බව ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී යූරි පොහුල්යායිකෝ මේ අතර පවසා තිබෙනවා.

එමෙන්ම පුටින්ගේ හමුදා යුක්‍රේන නගර කිහිපයක් වට කරමින් සිටින බව වාර්තා වන අතර හදිසි නිලධාරීන් අනතුරු අඟවන්නේ Mariupol වැනි නගරවල ආහාර හිඟ වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles