Sunday, May 19, 2024

යුක්රේන – රුසියා දේශ සීමා අර්බුදය : ජනපති බයිඩ්න් හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවයි

යුක්රේන – රුසියා දේශ සීමා අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබෙනවා.

ධවල මන්දිරය දිගින් දිගටම අවධාරණය කරන්නේ ඕනෑම අවස්ථාවක රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවයි.

මේ අතර ඊයේ දිනයේ පැවති රුසියානු න්‍යෂ්ඨික අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමට ජනාධිපති පූටින් සහභාගීවීම පිළිබඳවද දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේවෙතත් රුසියාව චෝදනා කරන්නේ බටහිර රටවල් අනතුරු අගවා ඇති අයුරින් කිසිදු ආක්‍රමණයකට සූදානමක් නොමැති බවයි.

ඇතැම් පාර්ශව මෙම ගැටලුව උග්‍ර කරවමින් ඇතැයිද රුසියාව අවධාරණය කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles