Sunday, June 2, 2024

“රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමේ රජයේ උත්සහය අගය කරනවා” – විශ්වවිද්‍යාල ආචාර්යවරු

ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවසනවා.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වූ අතර එහිදී ඔවුන් මේ බව පැවසූහ.

කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට සහ වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විද්‍යාර්ථීන් මීට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එක් ජන කොටසකට, සීමිත පිරිසකට අසාධාරණයක් සිදුවන විෂමතා නීතියේ තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවයි ඊට සහභාගි වූ මහාචාර්යවරුන් පෙන්වා දී ඇති බවද වාර්තා වෙයි.

විවිධ ජනවර්ග, සංස්කෘතින් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් සේම වටිනාකමක් බවත් කිසිදු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානතාවක් වෙනුවෙන් සියලූදෙනා කැපවිය යුතු බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles