Friday, April 26, 2024

යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි

රුසියාව හා යුක්‍රේනය අතර පවතින තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මැදුම් පිළිවෙතක සිටි කටයුතු කරමින් සිටින පසුබිමක යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ති‌බෙනවා.

මාර්තු 18 දින රටවල් 14ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවෙිදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සක්‍රීය සහයෝගය ලබා දෙන ලෙසයි.

එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම තමන්ට පිළිගත නොහැකි බවය. රුසියාවට සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවය. එසේම යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලොව පුරා සිටින තම මිතුරන් සමග එක්ව කටයුතු කරන බවත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලොව පුරා ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් තමන් යුක්‍රේනය සමග සිටින බව ද අදාළ ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තමන් සහය වන බවත්, සහන මිලකට ඉන්ධන ලබා දීමටත් රුසියාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවට මීට පෙර දැනුම් දී ඇත. එසේ වුවත් මෙම බටහිර රටවල් 14 ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ ඇතුළු චෝදනා එල්ල කරමින් සිටින අතර මෙරට ආර්ථික අර්බුදයට තමන්ට දිය හැකි දායකත්වය පිළිබඳව හෝ අදහස් දැක්වීමක් සිදුකර නොමැති වීමද විශේෂත්වයකි.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම විදෙස් තානාපතිවරුන් 14 දෙනා ශ්‍රී ලංකාවට පවසන්නේ රුසියාවට සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට තමන් සමඟ එක්වන ලෙසයි.

“යුක්රේනය සඳහා ජාත්‍යන්තර සහයෝගය සහ රුසියානු ආක්‍රමණය හෙළා දැකීම. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකිය” යන ශීර්ෂයෙන් යුතුව ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ එම ඒකාබද්ධ නිවේදනයට මෙතක් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය දක්වා නැහැ.

“රුසියානු රජය යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හෙළා දැකීමට අපි එකාවන්ව නැගී සිටිමු. මාර්තු 2 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී රටවල් 141ක් – අති බහුතරයක් – රුසියාව හෙළා දැකීමට ඡන්දය දුන්හ. මෙය ජාත්‍යන්තර ප්‍රජාවෙන් රුසියාව හුදකලා වී ඇති බව පෙන්නුම් කරයි. යුක්රේනයට සහය දක්වන රටවල් රුසියාවට අධික පිරිවැයක් දැරීමට පෙර නොවූ විරූ ඉලක්කගත සම්බාධක පැකේජයක් පනවා ඇත.

ශ්‍රී ලංකාවේ සිටින දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළුව යුක්රේනය සහ ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් හඬ නඟා අප හා එක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් අපි ඉල්ලා සිටිමු. රුසියාවට එරෙහි සටන වහාම අවසන් කරන ලෙස ශ්‍රී ලංකාව අප හා එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.

අපි යුක්රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහතික කිරීම සඳහා ලොව පුරා සිටින අපගේ මිතුරන් සහ මිතුරන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. අපි යුක්රේනය සමඟ සිටිමු” එම නිවේදනයේ සඳහන් වෙනවා.

ඔිස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් David Holly, කැනඩාවේ මහ කොමසාරිස් David Mckinnon, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී Denis Chaibi, ප්‍රංශ තානාපති Eric Lavertu, ජර්මන් තානාපති Helger Seubert, ඉතාලි තානාපතිනි Giuliana Mannella, නෙදර්ලන්ත තානාපතිනි Tanja Gonggrijp, නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton, නෝර්වේ තානාපතිනි Trine JeranllEskedal, ජපාන තානාපති Mizukoshi Hideaki, රුමේනියාවේ තානාපති Victor Chiujdea, ස්විට්සර්ලන්ත තානාපති Dominik Furgler, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය Sarah Hulten සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි Julie J. Chung ශ්‍රී ලංකා රජය වෙත එම නිවේදනයට අත්සන් තැබූ දූත මණ්ඩල ප්‍රධානීන් 14 දෙනයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles