Saturday, May 18, 2024

යුද්ධය මුවාවෙන් රට පැන්න සරණාගතයන් ලංකාවට

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් හට නැවත මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය සියලුම ආධාර හා උපකාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම ඉදිරිපත් වී ඇත.
විශේෂයෙන්ම යුරෝපා රටවල සරණාගතයන් ලෙස ගොස් සිටින ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහය ලබාදෙන බව ජගත් සරණාගත කොමසාරිස් චිලීතෝ ග්‍රාන්ඩ් මහතා සඳහන් කරයි.
මෙසේ නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සරණාගතයන් හට රැකියා සොයා දීමට මෙන්ම නිවාස පහසුකම් සැලසීමටද ජගත් සරණාගත කොමිසම කටයුතු කරන බව එම කොමිසමේ 67 වන විධායක කමිටු රැස්වීම අමතමින් ග්‍රාන්ඩි මහතා සඳහන් කළේය.
මෙම විධායක කමිටු රැස්වීම පසුගියදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කෙරිණි.
අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ගැටලුවලට විස්‍රඳුම් සෙවීමට ලක් රජය ගෙන ඇති පියවරයන් අගය කරන බවද ග්‍රාන්ඩි මහතා මෙහිදී සඳහන් කළේය.
යුද්ධය මුවාවෙන් නීති විරෝධී ලෙස යුරෝපා රටවල් වෙත ගොස් සිටින ශ්‍රී ලාංකික පිරිසද මේ වනවිට විශාල වශයෙන් සිටින අතර එම පිරිස් යළි ශ්‍රී ලංකාවට පිටත් කරලීමට එම රටවල බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටී.
එම කටයුතු ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට හා එම ක්‍රියාවලිය වඩාත් විධිමත් කරලීමටද මැදිහත් වීමට ජගත් සංවිධානය මේ වන විට ඉදිරිපත් වී සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles