Wednesday, May 8, 2024

රටවල් 72ක සහභාගීත්වය ස්ථිරයි-ඇමති විජයදාස රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන අන්තර්ජාතික වෙසක් උත්සවයට රටවල් 72කින් නියෝජිතයන් සහභාගි වීම ස්ථිරවම සිදු වන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මේ සඳහා රටවල් 85කට ආරාධනා කර ඇති අතර, ඉතිරි රටවලින්ද නියෝජිතයන් සහභාගි වීම සම්බන්ධව ඉදිරි දිනවලදී දන්වනු ලබනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කරයි. ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන බෞද්ධ උත්සවයක් වෙනුවෙන් මෙතරම් රටවල් සංඛ්‍යාවකින් නියෝජිතයන් සහභාගි වන ප්‍රථම අවස්ථාවද මෙය වනු ඇත. අන්තර්ජාතික වෙසක් දින උත්සවය 12 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර 12 වැනිදා ආරම්භක උත්සවයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද 14 වැනිදා මහනුවර මහමළුවේ පැවැත්වෙන අවසන් උත්සවයට නේපාල ජනාධිපතිනී බිධ්‍යා දේවි භන්ධාරි මහත්මියද ස්ථිර වශයෙන්ද සහභාගි වන බව ප්‍රකාශ වේ. බෞද්ධාගම සම්බන්ධ මේ වැදගත් රටවල් දෙකෙහි රාජ්‍ය නායකයන් මෙරට ආගමික උත්සවයකට සම්බන්ධ වන ප්‍රථම අවස්ථාවද මෙය වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles