Tuesday, April 30, 2024

රට ගමන් කරන්නේ දැවැන්ත විනාශයකට? සෞඛ්‍ය ප්‍රධානියා කළ හෙළිදරව්ව

කොවිඩ් පාලනය කිරීම සහ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසනවා.

කොවිඩ් අර්බුදය හමුවේ මෙරට සෑම පුරවැසියෙක් සහ ආයතනයක්ම වගකීමෙන් කටයුතු නොකළොහොත් රට දැවැන්ත විනාශයකට ගමන් කරනු ඇතැයි ද ඔහු අවධාරණය කරනවා.

නිරෝධායන ඇදිරිනීතිය යලි දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්වය අධ්‍යයනය කිරීමෙන් පසුව බවත් මහජනතාවගේ සංචරණයන් සීමා කිරීම සදහා අදාල ආයතන නිවැරදිව සිය යුතුකම් ඉටු කළ යුතු බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි වුවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කරමින් වසංගතය පාලනය කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නා.

ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles