Saturday, May 4, 2024

රට ටික ටික නැගිටිනවා…. වට්ටන්න එපා ආයෙ…


ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය.

රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බවද ඔහු කීවේය.

මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසීය.

ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බෙ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව තියෙද්දි මහ බැංකුවෙන් 203 ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධන වලට වියදම් කරලා.

” එහෙමත් බැරි වුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කර හැරියේ. කිසිදු පාලනයකින් තොරව. එතනදි තමයි රුපියල් රු.203 ඉඳලා එකපාරටම 365 ,380 ට ගියේ.

දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වෙනවා. එතකොට අපිට කරන්න තිබුණු ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක. ඒ අනුව තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි වශයෙන් ඉහළ නංවා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේ. ඒ සමගම මුදල් අච්චු ගැසීම අඩු කරල ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles