Monday, April 29, 2024

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්… වැටුප් වැඩිකරන බවට පොරොන්දුවක්…

ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන්  රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.  එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා ය.

2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ  සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles