Friday, May 3, 2024

රවිරාජ් ඝානත නඩුව දිනපතා විභාගයට

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කළ බවට විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන 21දා සිට දිනපතා සිංහල කතා කරන ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) තීරණය කළේය.

මෙම නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කරන ලෙස විත්තිකරුවන් අධිකරණයෙන් කළ ඉල්ලීමට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට තීරණය කලේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles