Thursday, May 2, 2024

රවී කරුණානායක හෙට බැඳුම්කර කොමිසමට

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට හෙට (26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින්  එම කොමිසම අද (25) සිතාසි බාරදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

කරුණානායක මහතාට අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථාවක දැනුම් දී තිබුණත් කැබිනට් රැස්වීමට සහභාගි විය යුතු බව නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම් දී තිබිණි.

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන කරුණානායක මහතා වීම නිසාත් යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ නම සඳහන් වීම නිසාත් අමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දන්නා කරුණු සහ අමාත්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles