Friday, April 26, 2024

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට කෑගලු ජනතාවගෙන් ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්

අද (21) කෑගල්ල රංවල ප්‍රදේශයේදී සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙනවා.

සිය නිල රථය එම ප්‍රදේශයේ ගෑස් බෙදාහරින මධ්‍යස්ථානයක් ඉදිරිපිටින් ගමන් කරමින් තිබියදී මෙම සිදුවීමට ඔහු මුහුණදී තිබෙනවා. ගෑස් පෝලිමේ රැඳී සිටි ජනතාව විසින් අමාත්‍යවරයා ගමන්ගත් වාහනයට මෙලෙස ගෑස් සිලින්ඩර වලින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

කනක හේරත් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසිණි. රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද වාර්තා වනවා.

තොරතුරු වාර්තාවන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර තිබුණා. එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කනක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුගේ රථයට පහරදී තිබෙනවා. ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩර වලින්ද පහරදී තිබෙනවා. පසුව එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවට සදහන් වෙනවා.

එම අවස්ථාවේ කෑගල්ල, රන්වල අලුත්පාර හන්දිය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක වහාම තම ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගොස් ඇතැයිද මේ අතර වාර්තා වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles