Friday, May 17, 2024

රුසියානු හමුදා සමග යුක්රේන හමුදාවන්ට එරෙහිව සටන් කරන්න එක්වන්නැයි පුටින්ගෙන් විදේශීයකයින්ට ඉල්ලීමක් !

යුක්රේන හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට එකතු වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදේශීය ස්වේච්ඡා සේවකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

රුසියානු ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රුසියාවේ සහාය ලබන හමුදා සමග සටන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අයට ඉඩ දිය යුතු බවයි.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසන්නේ මැද පෙරදිග ස්වේච්ඡා සේවකයන් 16,000 ක් රුසියාවේ සහාය ලබන හමුදා සමග සටන් කිරීමට සූදානමින් සිටින බවයි.

මේ අතර එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ නාගරික සටන් සඳහා දක්ෂ සිරියානුවන් ද ඇතුළත් විය හැකි බවයි.

මොස්කව් යනු සිරියාවේ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන අතර පුටින් මහතා එරටේ සිවිල් යුද්ධයේදී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රධාන සහායකයා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ රුසියාව මෑතකදී සිරියාවෙන් සටන්කාමීන් බඳවා ගනිමින් සිටින බවත්, නාගරික යුද්ධ පිළිබඳ ඔවුන්ගේ විශේෂඥභාවය කියෙව් අල්ලා ගැනීමට සහ යුක්රේන ආණ්ඩුවට විනාශකාරී පහරක් එල්ල කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

මේ අතර, එක්සත් ජනපද පුද්ගලික ආරක්ෂක සමාගම් යුක්රේනයෙන් මිනිසුන් ඉවත් කිරීමට සහාය වීම සඳහා හිටපු සොල්දාදුවන් බඳවා ගැනීමට උත්සාහ කරන බවද සඳහන් වෙි.

හිටපු සහ වත්මන් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් ඇතුළු විදේශීය සටන්කරුවන් ද කියෙව්හි රජය වෙනුවෙන් සටන් කිරීමට යුක්‍රේනයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles