Thursday, May 2, 2024

යුක්රේනයේ ආරක්ෂිත නගර නෑ – යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි

යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන Inna Sovsun ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේනයේ ආරක්ෂිත නගර නොමැති බව සඳහන් කර තිබෙනවා.

“අපි දැන් පසුගිය සති දෙක තුළ පැය තුනකට වඩා නිදාගෙන නැහැ.ඇත්ත වශයෙන්ම අපි අපේ දරුවන්ගේ ජීවිත ගැන බියෙන් සිටිනවා නමුත් අපට කළ හැකි බොහෝ දේ නැහැ , අපට යටත් විමටත් බැහැ ,අපට ඔවුන්ට භාර ගැනීමට ඉඩ දීමටත් නොහැකියි යනුවෙන් ඇය පවසා තිබෙනවා.

යුද්ධය කෙතරම් භයානක වුවත් සටන් කිරීම සහ අපගේ සටන දිගටම කරගෙන යාම හැර අපට ඇත්ත වශයෙන්ම වෙනත් විකල්පයක් නොමැති බවද ඇය සඳහන් කරනවා.

පුටින්ගේ ආක්‍රමණය නැවැත්වීමට බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක ප්‍රමාණවත් යැයි තමන් විශ්වාස නොකරන බව Inna Sovsun පවසනවා.

“මම ලෝකයෙන් අයදිනවා කරුණාකර මැදිහත් වන්න – කරුණාකර අප සියල්ලන්ම මරා දමා මුළු රටම විනාශ කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න යනුවෙනුත් ඇය පවසා තිබෙනවා.

ආක්‍රමණය ආරම්භ වී ගෙවුණු සති දෙක තුළ රුසියානු හමුදා විසින් සොල්දාදුවන්ට වඩා යුක්‍රේන සිවිල් වැසියන් ඝාතනය කර ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles