Saturday, May 18, 2024

රුසියා – යුක්රේන ගැටලුව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (25) රැස්වෙයි

 යුක්රේනයට එරෙහි රුසියාවේ යුධ ආක්‍රමණය හෙළා දකින යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (25) ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව විදෙස් පුවත් වාර්තා කියයි.

රුසියාවේ ආක්‍රමණය වහා නවත්වන ලෙසත්, සියලුම රුසියානු හමුදා ඉවත් කර ගන්නා ලෙසත් එමගින් ඉල්ලා සිටිනු ඇත.

කවුන්සිලයේ ඡන්දයෙන් පසුව නිෂේධ බලයක් නොමැති සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ඉක්මනින් ඡන්දය ප්‍රකාශ කරන බවද පැවසේ.

“ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ යුක්රේනයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එකමුතුකම සහ භෞමික අඛණ්ඩතාව සඳහා” කවුන්සිලයේ කැපවීම නැවත තහවුරු කිරිම මෙහි අරමුණ බවද පැවසේ.


යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි.

කිසිම විටකත් සිවිල් ජනතාව සිටින ස්ථානවලට පහර නොදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.


මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා  ඇති බවත් වාර්තා වේ.

මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.


යුක්‍රේනයට නැගෙනහිර මුහුදේ ගමන් කරමින් තිබු රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ඉන් සිදුවු හානි පිළිබඳව වාර්තා වි නොමැත.


යුක්රේනය සහ රුසියාව අතර ඇති වූ යුද ගැටුම් අතර තුර රුසියාවේ ප‍්‍රහාරක ගුවන් යානා 5 ක් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්රේන හමුදා පවසන  බව විදෙස් වාර්තා කියයි.


මේ වන විට යුක්රේන මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම අඩපණ කර අවසන් බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


ලූහන්ස්කා පළාතේ යුක්රේන පාලනයේ තිබූ ෂිරම්ස්කි සහ ස්ටැනිට්සියා ලූහන්ස්කයා නගර දෙක මේ වන විට ලූහන්ස්කා ජනරජ සමුහාණ්ඩුවට යටත් වී ඇති බවද පැවසේ.

එමෙන්ම ලූහන්ස්කා ජනරජය විසින් යුක්රේන හමුදාවේ ඩ්‍රෝන දෙකක් බිම දමා ඇති බවද පැවසේ.


මේ වන විට ඩොනේට්ස්ක් ජනරජ සමුහාණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අවි බිම තබා බාර වෙන යුක්රේන හමුදා නිලධාරීන්ට සමාව ලැබෙන බවය.


මේ වන විට යුරෝපා සංගමය විසින් රුසියානු යුද මෙහෙයුම ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ වල සිටින තම රටවල පුරවැසියන් මුදවා ගැනීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.


චීනය යුරෝපා රටවල් මෙන් යුක්රේනයට ආයුද ලබා නොදෙන බවත් යුක්රේනයේ සිටින තම ජනතාවට ඔවුන්ගේ වාහනවල තම කොඩිය ප‍්‍රදර්ශනය කරන මෙන් පවසා ඇත.


රුසියානු හදිසි ආපදා අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවල සිට ජනයා විශාල වශයෙන් රුසියාව වෙත පැමිණෙමින් සිටින බවය.


විශාල වශයෙන් ජනතාව කියෙව් නගරයෙන් පිටවීමට උත්සහ දරන අතර කියෙව් නගරයේ උමං දුම්රිය පොළවල් මේ වනවිට සිවිල් වැසියන් ආරක්ෂාව පතා සැඟවී සිටින බංකර් බවට පත් වී තිබේ.


මේ වනවිට යුක්රේනය වෙත පැමිණෙන සියලූම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, යුරෝපා සංගමයේ රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන බව පවසා ඇත.


රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුරෝපයේ කොටස් වෙළඳපොළ සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත වැටී ඇති බවද වාර්තා වේ.


රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසා ඇත්තේ යුක්රේන හමුදාවන් තම ආයුධ බිම තබා යටත් වෙමින් සිටින බවය. .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles