Tuesday, May 14, 2024

රුසියාව ‘චර්නොබිල්’ අල්ලයි.

යුක්රේනය සහ රුසියානු හමුදාවන් අතර ඇතිවූ බිහිසුණු යුද ගැටුමකින් අනතුරුව යුක්රේනය පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාව සමත්ව තිබෙනවා.

යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගනු ලැබුවා.

1986 වර්ෂයේදී පිපිරීමකට ලක්වූ මෙම න්‍යෂ්ටික බලාගාරයෙන් විහිදී ගිය විකිරණශීලි ධාරාවන් යුක්රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කරන ලදී. පසුව එම බලාගාරයේ පිහිටි න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීමේ සංකීර්ණ වල තබා තිබෙන අතර මේ වන විට ගැටුම් ඇතිවී තිබෙන්නේ එම කලාපය තුලයි.

කෙසේ වුවත් එම න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා සංකීර්ණයට මෙම යුද ගැටුම් හේතුවෙන් කුමන තත්ත්වයක් අත්වි ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවා සිටියේ.

මේ අතර රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා අමෙරිකාව විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම එරට ආරක්ෂක අංශ විසින් ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කර ඇති බව වාර්තා වනවා. 

එහිදී බලධාරීන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීම මගින් යුක්රේනයේ සටන්වල නියුතු රුසියානු හමුදාවන්ට අවශ්‍ය අතිරේක පහසුකම්, භට පිරිස් ප්‍රමාද කරවීමේ හැකියාව පවතින බවයි.

විශේෂයෙන්ම රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ඉලක්ක කර ගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික මර්මස්ථාන ලෙස ඔවුන් හඳුන්වා දී ඇත්තේ. කෙසේ වුවද මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවසන් නියෝග ලබාදී නොමැති බවද අමෙරිකාවේ NBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා භට පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත ඇමරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථාන ගත කිරීමට පියවර ගෙන ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගනු ලැබූ තීරණයට ලොව නන් දෙසින් බලපෑම් සහ විරෝධතා එල්ලවී තිබෙනවා. අද දිනයේදී රුසියාවේ නගර 47ක් පුරා එරට වැසියන් විසින් ජනාධිපති පුටින්ගේ තීරණයට එරෙහිව දැවැන්ත විරෝධතාව ව්‍යාපාර දියත් කරනු ලැබුවා. කෙසේ වුවද එම විරෝධතා ව්‍යාපාරයන්ට එක්වූ දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් රුසියානු පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles