Sunday, May 5, 2024

ලංකාවට වසන්ගතයක් වූ වකුගඩු රෝගය – වසරකට රෝගීන් 5000 ක්

මෙරට තුළ වසරකට වකුගඩු රෝගීන් 5,000ක් අලුතින් එක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පානීය ජලය හේතුවෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වන අතර මෙරට පානීය ජල ප්‍රශ්නය වසරක් ඇතුළත සම්පූර්ණයෙන් විසඳීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන්ද සහය ලැබෙමින් පවතින බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

වව්නියාව, කැලෑබෝගස්වැව ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා ඉදිකරන ලද නව ජල පෙරණ යන්ත්‍රය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles