Sunday, May 19, 2024

ලංවිමට තෙල් ගන්න ඩොලර් දෙන්නැයි කළ ඉල්ලීමට මහ බැංකුවෙි එකඟතාවය. තෙල් මිල ඉහළ දාන්නත් යෝජනාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන ගෙන්වීමට විදේශ මුදල් දෙන්නැයි කළ ඉල්ලීම ඉටු කිරීම මහබැංකුව එකඟතාවය පළ කර ඇති බව දිනමිණ පුවත් පත අද වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් විදුලි බල මණ්ඩලයට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබෙන බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය සෘජුවම පිටරටින් ඉන්ධන ගෙන්වීමට සූදානමින් සිටින අතර ඒ සඳහා වැයකරන විදේශ විනිමය කඩිනමින් සපයන්නැයි මහ බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙි අතර ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග කියයි.

මෙි අතරම ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන සැපයීම සිදු කළත් එය තවදුරටත් කර ගෙන යෑමට නොහැකි වී ඇතැයි ඔහු කියනවා. මීට පිළියමක් ලෙස වහාම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කියා සිටිනවා.

ඉන්ධන මිල වැඩි නොකළ හොත් සංස්ථාව ලබන පාඩුව ඉහළ යෑම පමණක් නොව සංස්ථාවට ණය පහසුකම් සපයන බැංකු පද්ධතියට පවා අසීරුතාවන්ට පත්වීමට සිදුවන බවට තමා රජය දැනුවත් කර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කියා තිබෙනවා. සාර්ව ආර්ථික සාධක සියල්ල යහපත් ලෙස ආරක්ෂා කර ගැනීමට රජය ඉතා ඉක්මනින් මේ මොහොතේ ගත යුතු ඉතා යෝග්‍යම ක්‍රියා මාර්ගය වනුයේ ඉන්ධන මිල ඉහළ දැමීම බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles